AMW නවතම නියෝජිත ප්‍රදර්ශනාගාරය ගම්පහදී විවෘත වෙයි

AMW පුද්ගලික සමාගම (Associated Motor Ways Private Limited) ගම්පහ ප්‍රදේශයේ සිය නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේ ය. Glitz Park පුද්. සමාගම සමඟ එක්වී, නුවර පාරේ මිරිස්වත්ත ප්‍රදේශයේ මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කර තිබේ. මේ ඔස්සේ දැන් ගම්පහ ප්‍රදේශයේ ජනතාවට AMW සමාගමේ සේවාවන් වඩාත් පහසුවෙන් ලබාගත හැකි වනු ඇත.

නව ප්‍රදර්ශනාගාරය මඟින් ගම්පහ ජනතාවට සියලුම වර්ග හා මාදිලිවලට අයත් වාහන වඩාත් පහසුවෙන් හා විශ්වාසයෙන් යුතුව මිල දී ගැනීමට, විකිණීමට හා හුවමාරු කිරීමට අවස්ථාව සැලැසේ. පාවිච්චි කළ වාහන සඳහා වසර 3ක වගකීමක් හිමිවීම, වාහන සඳහා හොඳම මිලක් ලැබීම, පැය 24ක් තුළ මුදල් ලබා ගත හැකි වීම සහ පැය කිහිපයක් තුළ හුවමාරුව සිදු කළ හැකි වීම වැනි සුවිශේෂී ප්‍රතිලාභ රාශියක් මෙමඟින් පාරිභෝගිකයන් වෙත හිමි වනු ඇත.

AMW රථවාහන සඳහා අලෙවිය, සේවාවන් හා අමතර කොටස් සපයන 3S මධ්‍යස්ථානයක් (Sales, Services and Spares) ලෙස ක්‍රියාත්මක වන ගම්පහ නව ප්‍රදර්ශනාගාරය තුළ දී අනෙකුත් සියලුම වර්ගවල වාහන විකිණීමට හා මිලදී ගැනීමට ද අවස්ථාව සලසා දී තිබේ. Glitz Park සමාගම 2005 වසරේ සිටම AMW සමග අත්වැල් බැඳගෙන සිටින අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ විශාලතම නියෝජිත ආයතනය ලෙස සැලකේ. ගුණාත්මක සේවාව සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා විහිදෙන කීර්තියක් එම සමාගම සතු ය. වාහනවලට සිදු වී ඇති හානි හඳුනාගත හැකි Touch Diagnostics වැනි දියුණු තාක්ෂණයන් මෙම නව මධ්‍යස්ථානය තුළ භාවිත වේ.

AMW සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බ්‍රැන්ඩන් මොරිස්, Glitz Park සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුරන්සිලු වීරරත්න, AMW සමාගමේ අධ්‍යක්ෂ (මගී රථවාහන) යොහාන් ද සොයිසා, Glitz Park සමාගමේ අධ්‍යක්ෂිකා ශෂිකලා ද සිල්වා සහ AMW සමාගමේ සාමාන්‍යාධිකාරී (සුසුකි රථවාහන) විරාන් ද සොයිසා යන මහත්ම මහත්මීන් ඇතුළුව AMW සහ Glitz Park සමාගම්වල නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ●

 

Leave A Reply

Your email address will not be published.