විප්ලවයට කළින් ඇත්තටම මාළු පාන් වලට මාළු දාල ඉම්මු…

ඇත්තටම මාළු දාපු මාළු පාන් අපි කවදාවත් කාල නැහැ…මේ ගෝලීය ලෝකය ඇතුලේ අපිට කොහොමත් හොඳ ආහාර වේලක් ලැබෙන්නෙ නැහැ කියන්න අපි හොඳටම දන්නවා. වස විස නැති, පිරිසිදු, පෝෂ්‍යදායී, අවශ්‍ය කැලරි ගණන තියන එහෙම ෆැන්ටසි කෑම වේලක් කවද්ද අපි කෑවේ? බෙහෙත් ගන්න. නියම ප්‍රමිතියේ බෙහෙත් අපිට ලැබෙනවද? අඩුම තරමින් කොරෝනා එන්නත ගත්තත් එහෙම නේද? සේනක බිබිලේගේ ඉඳල මේ සන්තෑසිය ගැන අපි නොදන්නවා කියල කියන්න බැහැ.
ප්‍රවාහනය ගන්න…ඒකත් එහෙමයි. මහාමාර්ග ගන්න. හතර වටේ වලවල්. ගල් පෙරලිලා. හදන්නේ නැහැ. ග්‍රාමිය පාරවල් ගන්න දෙයක් නැහැ. හැම එකක් ම එහෙමයි. පරිසරය ගන්න. ඔක්කොම විනාශ වෙමින් යනවා. දවසින් දවස. මොහොතින් මොහොත. යමක් හැදෙනවා වෙනුවට අපිට දැනෙන්නේ සහ පෙනෙන්නේ සියල්ල විනාශ වෙමින් යන තත්වයක්. සමාජ වටිනාකම්, කලාව, දේශපාලනය මේ ඔක්කොම එහෙමයි.
නිදහසින් පස්සේ කොපමණ කලක් ගිහිල්ලද? ඒත් අපි එතැනමයි. අඩුම තරමින් ඔය කියන මහා සිංහල අවුරුද්දට කැවුම් ගෙඩියක් බැදගන්න බැරි තත්වෙට අන්තිමට අපි ආවා. අන්න ඒකයි පශ්චාත් යටත් විජිත සතුට. හැමෝටම වගේ මැරෙන්න වෙන්නේ හූල්ලලා අපේ රට ගැන. දැන් සතුටුයි…පුළු පුළුවන් එවුන් නම් මේකෙන් එළියට පැන ගත්තා…දැන් නිකම් ගිලෙන නැවක් වගේ මේක…

බලන්න උගත් කියල කියන මිනිස්සුන්ගේ ආකල්පය රට සහ මිනිස්සු ගැන තියන…මේ රටේ බහුතරයක් මිනිස්සු තව දුරටත් මිනිස්සු නෙවෙයි. ඕනෑම වසක් විසක් කෑවට කමක් නැති ඉවතලන ශරීර කූඩු. තමන්ගේ හිතේ ඉන්නේ තමන්ගේ ගෙදර මනුස්සයා, දුව, පුතා විතරයි…එච්චරයි. අනික් උන්ට හෙණ ගැහුවත් අපි බේරිලා ඉම්මු. ඕකයි පැවැත්මේ උද්‍යෝග පාඨය. මම කියන්නේ උගත් කියන මිනිස්සු තමයි ගොඩක්ම විෂ සහිත මිනිස්සු. පොඩි කාලේ ඉඳන් තමන් ගොඩයන්න විතරයි එයාලට උගන්නල තියෙන්නේ..මම… මම… මම…
යහපත් ලෝකයක් ගොඩ නැඟීමේ නූතන ව්‍යාපෘතිය පැත්තකින් දමල මිනිස්සු දැන් තම තමන් හැදෙන්න හිත හදාගෙන. නූතන ව්‍යාපෘතියේ අවුල් නැහැ කියල නෙවෙයි මම කියන්නේ. ආචාරධර්මය, ආගම, බලය යන කිසි දෙයකට විනිවිදින්න බැරි මමංකාරයක් විසින් අපි පාලනය කරනවා කියන්න. එහෙම ලෝකෙක කොහෙද විප්ලව සිදු වෙන්නේ? මිනිස්සු වගේ ඉන්න හියුමනොයිඩ් ෆැෂන් ශරීර තියනවා. නමුත් ඒ ඇතුලේ මිනිසෙක් නැහැ. එහෙම කියන්නේ සිග්මන් බවුමන්. මේක ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට විතරක් වෙනස් විදියට බලපාන්න බැහැ….
චලනයන් තියනවා වෙන්න පුළුවන්. හැබැයි කිසිදු අර්ථයක් නැහැ. තියෙන්නේ පතුලක් නොපෙනන අරාජක බව විතරයි.
හිරු නැගෙන විට අවදිවෙලා බැසයන හිරු පැත්තට ගමන් කරන, ආපසු ඒමක් ගැන නොසිතන, නිර්භීත අසරුවෙක් අපිව බේරා ගන්න එයිද කියන එක සැකයි….

-මහේෂ් හපුගොඩ (fb) අද අප්‍රේල් 5.
[email protected] Book of Eli

 

Leave A Reply

Your email address will not be published.