“Daraz අවුරුදු වාසි” සමඟ අලුත් අවුරුද්දට සැරසෙන්න

සාම්ප්‍රදායික අලුත් අවුරුදු අසිරිය ඩිජිටල් අවකාශයක් තුළ සජීවීකරණය කරමින්, අලුත් අවුරුද්දට අවැසි සියල්ල එකම අවකාශයක දී සමීප කරමින්, පාරිභෝගිකයාට අමතර වෙහෙස මහන්සියකින් තොරව නිවසේ සිටම ආරක්ෂිත ලෙස අතැඟිලි තුඩක අගින් එසැණින් සාප්පු සවාරියේ යෙදෙන්නට පහසුකම් සලසා දෙමින් Daraz විසින් “Daraz අවුරුදු වාසි” විශේෂ අලුත් අවුරුදු ප්‍රවර්ධන වැඩසටහන මෙවරත් ක්‍රියාත්මක කරනු ලබයි.

අලුත් අවුරුදු සමය වෙනුවෙන් සාප්පු සවාරියේ යෙදෙන්නට බලාපොරොත්තුවන සුවහසක් ශ්‍රී ලාංකිකයන්ට Daraz වෙත පිවිස මාර්තු මස 25 වැනිදා සිට අප්‍රේල් මස 06 වැනිදා දක්වා ක්‍රියාත්මක “Daraz අවුරුදු වාසි” අලුත් අවුරුදු ප්‍රවර්ධන වැඩසටහන සමග එක්ව වචනයේ පරිසමාප්ත ආකාරයෙන්ම වාසි රැසක් හිමිකරගත හැකිවේ.

Daraz ළඟ එන ප්‍රීතිමත් අලුත් අවුරුදු උත්සව සමයේ ඔබේ සාප්පු සවාරිය සතුටින් පුරවාලමින් මිලියන 3කට අධික දෙස් විදෙස් නිෂ්පාදනයන් රැසක් අතරෙන් තම සිතැඟි පරිදි භාණ්ඩ තෝරා ගන්නට 75%ක් දක්වා දැවැන්ත වට්ටම් හා රුපියල් මිලියන දෙකක් වටිනා තෑගි වවුචර් පත් පිරිනමයි. ඔබේ ප්‍රියතම සන්නාමයන්ගෙන් යුතු ඉලෙක්ට්‍රොනික උපකරණ, ජංගම දුරකථන, නවීන විලාසිතාවන්ගේ ඇඳුම් පැළඳුම් වර්ග රැසක් මෙන්ම එදිනෙදා දිවිය පහසු කරන නිෂ්පාදන රැසක් සඳහා අඩුම මිල ගණන්, පොලී රහිත මාසික ගෙවීමේ ක්‍රම, බැංකු කාඩ්පත් වට්ටම් ඇතුළු තවත් සුවිශේෂී වට්ටම් සහ දීමනා රැසක් සපිරිව සදා මතකයේ රැඳෙන අසිරිමත් අන්තර්ජාල සාප්පු සවාරියක මිහිර මෙවර “Daraz අවුරුදු වාසි” සමග ලබාගත හැකිය.

Daraz සතු සුපිරි අලෙවි අවකාශය වන Daraz ඵ්කක දින 14ක නැවත ආපසු භාර දීමේ හැකියාව ද සමඟ දෙස්, විදෙස් පාරිභෝගික ජනතා විශ්වාසයට පාත්‍ර වූ සුපිරිතම සන්නාම 450කට අධික ප්‍රමාණයක අනගි නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කොට තිබේ. ජංගම දුරකථන සඳහා 30%ක වට්ටමක් ලබා ගත හැකි අතර, බ්‍රවුන්ස් සමාගම වෙතින් රූපවාහිනී, හෝම් තියටර් සිස්ටම්, ශීතකරණ, වායුසමීකරණ යන්ත්‍ර හා රෙදි සෝදන යන්ත්‍ර සඳහා 70%ක් දක්වා දැවැන්ත වට්ටම් සමඟ රුපියල් මිලියනයක් වටිනා bundle offer දීමනා රැසක් දිනාගැනීමේ අවස්ථාව පාරිභෝගියන්ට හිමි වේ. එමෙන්ම Reckitt Benckiser සමග සිදුකෙරෙන රුපියල් 1,000.00කට වැඩි සෑම මිල දී ගැනීමක්ම නවතම iPhone 12 නොමිලේ හිමිකර දෙන තරග අවස්ථාවකට ඇතුළත් කර ගැනේ●

Leave A Reply

Your email address will not be published.