ජලය නැති නිසා කුඹුරු අක්කර 4,000ක් පුරන් වෙයි

පාතහේවාහැට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාරස්සන ප්‍රදේශයේ  කුඹුරු අක්කර හාරදහසකට නො අඩු ප‍්‍රමාණයක් ජල හිඟය නිසා පුරන්ව පවතින බව ගොවීහු පවසති. ඔවුන් පෙන්වා දෙන්නේ, මේ සම්බන්ධයෙන් වසර ගණනක සිට බලධාරීන් කොතරම් දැනුම්වත් කළත් ප්‍රතිඵලයක් ලැබී නොමැති බවයි.

මෙසේ  පුරන්ව ඇත්තේ මාරස්සන  ගොවිජන බල ප‍්‍රදේශයේ බව්ලානවත්තේ වැව ජල මූලය කර ගත් ඔළුවාවත්ත ඔයේ ජලයෙන් වගා කරන ඔළුවාවත්ත, හේවාවිස්ස බටහිර, නැඟෙනහිර, මීරියකඩ, තලාකඩ, ඇලිකේවෙල, මාරස්සන ඇතුළුව එම ආසන්නයේ පිහිටි  කුඹුරු යායවල් වේ.
“1977න් පසුව වැවේ අලුත්වැඩියාවක් කර නැහැ. වැව් දොර කැඩිලා දෙතුන් වරක් හැදුවා. පලක් නැහැ. වර්ෂා කාලයේ වැවෙන් ඉහළ කඳුකරයේ රොන්මඩ පමණක් නොවේ, වතු නිවාසවල අපද්‍රව්‍යය ද තැන්පත් වන්නේ වැවේ. මතුපිටින් බැලුවාම වැවේ ජලය පිරිලා. ඒත් අඩියක්, දෙකක්වත් වතුර නැහැ. පසුගිය කාලයේ හිටපු ජනාධිපතිවරුන්, මැති ඇමැතිවරුන් මෙන්ම ප‍්‍රදේශයේ වගකිව යුත්තනුත් කොතෙකුත් දැනුම්වත් කළත් පලක් වුණේ නැහැ.” යනුවෙන් මාරස්සන ගොවීහු පවසති●
හේවාහැට – දර්ශන මදුවන්ත

 

Leave A Reply

Your email address will not be published.