ආයුබොවන්ඩ බන්දු,

මෙදා පාර අපිට ජයටම අවුරුදු කන්න තමුන්නැහැ ඉස්පැසල් අවුරුදු පැකේජ්ජෙකක් දෙන්ඩ සූජානං වෙනවය කියල ආරංචියි. ඒ සුබාරංචිචිය අහපු වෙලේම අපේ ගමේ කස්ටිය ටවුමෙ සතොසෙට දිව්වේ පැදුරු කොට්ටත් පොදි බැඳගෙනයි. මේ අවුරුද්ද සතොසෙ ඉස්සරහම සමරන්ඩලු ආයිබොවන්ඩ උං කල්පනා කොරන්නෙ. ඇත්තටම කියනවානං බන්දු සෑර් ඔහේගෙ අවුරුදු පැකේජෙ ගැන අපේ ගමේ මළගිය පරාණකාරයෝ හිටං මරණාසන්නව ඉන්න උං දක්වා හැමෝම පුදුමාකාර ජොලියකින් ඉන්න විත්තිය මාද්දියකාරයෝ බෙරේකින් නිවුස් වලටත් කියන්න පටන් අරං කියමුකො.

මුන්නැහැ ඒ තරං යහපත් වැඩක් කොරන්ඩ හදද්දි අවුරුදු කැවිලි පෙවිලි වලට නැතුවම බැරි පොල්තෙල් සීනි කහ වගේ අත්තියාවස්සිය බාණ්ඩ වංචාවක් ගැන විරුද්ද පක්සෙ එකාලා ගම හැමතැනම ප්‍රොචාරය කොරන කටකතා ඇහෙනකොට තමා බුදු සෑර් සූසයිඩ් ගේමක් දීලා හරි ඕකුංව මරාගෙන මැරෙන්න හිතෙන්නෙ. ගෝඨලා මහින්දලා විමලෙලා ගම්මන්ලා වගේ ඔර්ජිනල් දේසපෙරේමින් එක්ක අත්වැල් බැඳගෙන මුන්නැහැලා රට එකසේසත් කොරපු එකට ඊරිසියාවෙ තමයි ආයිබොවන්ඩ ඒකලා ඔය වගෙ මුසාවාද පතුරුවන්නෙ. අවුරුද්ද කට ළඟටම ඇවිත් තියෙද්දි උං කොරන මේ ජාතික අපරාදෙටනං උන්දැලාට ජාතිජාතිත් පටිසං දෙනවා සිකුරුයි.

හැට නම ලක්සෙට අමතරව තුනෙන් දෙකකුත් අතේ තියාගෙන ඉන්න මුන්නැහැලා කිසිම ජනවරමක් නැති ඔය හොර නඩේ කියන කොරන දේවල් ගැන හිත කරදර කොරගන්ඩ අවස්සිය නැහැ මැතිතුමෝ. ඔය පොල්තෙල්, සීනි වගේ දැවෙන පුරස්නත් උන්ගෙ පිටින්ම ඇරල දාන එක තමයි සැර් මේ වෙලාවෙ කොරන්ඩ තියෙන නුවණක්කාරම වැඩේ. පැනික් උනහම තමුන්නැහැලා ඔක්කොම පිස්සු කෙළින්ඩ පටන් ගත්තොත් ඉක්මනටම යනඑන මං නැතිවෙයි කියන දුකටයි මේ ටික වුණත් මතක් කොරලා දෙන්නේ.

මහා බැංකු මංකොල්ලලෙයි මවුබිම අදිරාජ්ජවාදීන්ට පාවා දීමයි වගේ පරණ මන්තරම ජප කරන්න ගිහින් තමා දැනටමත් ඔහෙලා අමාරුවෙ වැටිලා ඉන්නෙ. මොකද බැංකු කෙළියට වඩා සීනි-තෙල් මගඩිය දරුණු බව දැන් පොඩිඋං පවා නියමෙට දන්නවා බන්දු. හැබැයි ඉතිං ඊට වඩා හොඳට වැඩ කොරන තුරුම්පු මුන්නැහැලාගේ පරණ තැටි ගබඩාවෙ ඕනා තරං ඇති නේද ආයිබොවන්ඩ. විසේසෙන්ම වඳ දොස්තරලා, වඳ කොත්තු ලැයිස්තුවට වඳ පොල් තෙල්, වඳ සීනි, වඳ කහ, වගේ වචන සැට් එකක් දාලා පොඩ්ඩක් රෙපයාර් කොරගන්න එක විතරනේ මුන්නැහැලට කොරන්න තියෙන්නෙ. ඔය තුරුම්පුව තව ටිකක් හොඳට පොලිස් කොරගන්ඩ නං වඳ පොල් තෙල්, වඳ සීනි ආනයනය පිටිපස්සේ ජාතියන්තර කුමන්තරණයක් කිරියාත්මක වෙච්ච බවටත් පචවාහිනියක් ලව්වා කියවාගන්ඩ ඇහැකිනේ.

හැබැයි ඉතිං ගරු ඇමතිතුමෝ බැරිවෙලාවත් තමුන්නැහැගෙ හරි අර ටයිකෝට් මාද්දිය පොරකාසක උතුමගෙ කටින් හරි ඔය වගන්තිය පිට උනොත්නං ඉතිං ඔක්කොම හබස් කියලත් අමතක කොරන්න එපා. ඔය මහා හෙළිදරව්ව ආලවට්ටන් දාලා ජනතාවගේ මයිල් ඉස්මයිල් වෙන ආකාරයට ඉදිරිපත් කොරන්න ඇහැකි නියම පොරවල් දෙක තමා විමලෙ-ගම්මන් බාන. ඒත් ඉතිං මේ දවස්වල ඒ ඩබලත් නිකං යට ඇඳුන් කෑල්ලකවත් නැති අසරණ තත්තෙකට පත්වෙලා ඉන්න හංදා උදයංග වගේ යුක්‍රේන මොඩලයේ ජැන්ඩියෙකුට වැඩේ දීලා බැලුවොත් සාර්තක ප්‍රොතිපල නෙළාගන්ඩ බැරිවෙන එකක් නැහැ බන්දු. සීනි-තෙල් ගොහොරුවේ එරිලා නැහෙනවාට වඩා මොන යකාගෙ පිහිටෙන් හරි ගොඩ යන එක නෙමේද සෑර් මේ වගේ තීරණාත්මක වෙලාවක වැඩියෙන්ම වැදගත් වෙන්නෙ●

විශ්ව මිත්‍ර
Leave A Reply

Your email address will not be published.