මහින්දගෙන් විමල්ට සහ ගම්මන්පිලට කැපිල්ලක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මෙතෙක් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය නොවන කුඩා පක්ෂ ගණනාවක් ද්විපාර්ශ්වීය ගිවිසුම් ගතවීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙසෙන කොළඹ විජේරාම නිවසේදී හෙට (26) සිදු කිරීමට තීරණය කිරීමත් සමග පොහොට්ටුව තුළ මෙතෙක් නිරාවරණය නොවූ ගැටුමක් කරළියට පැමිණ තිබේ. ඊට හේතුව වීරවංශ සහ ගම්මන්පිල විසින් කරනු ලැබූ යෝජනාවක් මහින්ද රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

ඔවුන් යෝජනා කර ඇත්තේ එක් වරම පුළුල් සන්ධානයක් ගොඩ නැගීම සඳහා කටයුතු කරන ලෙසයි. එහෙත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එම යෝජනාව නොතකමින් තනි තනිව පක්ෂ සමග සන්ධානගත වීමට තීරණය කර තිබේ.

මහින්ද රාජපක්ෂ විසින් මෙවැනි තීරණයක් ගෙන ඇති බව දැන ගැනීමත් සමග විමල් වීරවංශට හිතවාදී වෙබ් අඩවියක් මහින්දට එරෙහි ප්‍රහාරයක් දියත් කර ඇති අතර මෙම අවස්ථාව විමල් සහ ගම්මන්පිල විසින් වර්ජනය කරන බවටත් ප්‍රචාරයක් ගෙන සෑමට පටන් ගෙන තිබේ.

Leave A Reply

Your email address will not be published.

5 + 13 =