NIVEA සහ Hemas Consumer එක්වෙයි

චර්ම සත්කාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර කීර්තියක් දිනා ඇති, වසර 100කට අධික උරුමයක් හිමි, ලොව වඩාත්ම විශ්වාසය දිනූ Skin Care සන්නාමය ලෙස සැලකෙන NIVEA, ශ්‍රී ලාංකික වෙළෙඳපොළ තුළ තව තවත් ව්‍යාප්ත වීමේ අරමුණින්, මෙරට Home Care  සහ Personal Care ක්ෂේත්‍රවල ප්‍රමුඛතම නිෂ්පාදකයා ලෙස සැලකෙන Hemas Consumer සමඟ අත්වැල් බැඳගැනීමට පසුගිය දා කටයුතු කළේ ය. මෙම හවුල්කාරීත්වය ඔස්සේ ලොව Skin Care කාණ්ඩයේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමුඛතම නිෂ්පාදන පෙළක් මිල දී ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව ලැබෙනු ඇත.

NIVEA නිෂ්පාදන මේ වන විට රටවල් 173කට අධික සංඛ්‍යාවක ව්‍යාප්ත වී ඇති අතර, එම නිෂ්පාදන දශක ගණනාවක පාරිභෝගික අත්දැකීම්වලින් පන්නරය ලබමින්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව දේශීය තත්ත්වයන්ට ගැළපෙන පරිදි සැකසූ නිෂ්පාදන එකතුවක් ලෙස හැඳින්විය හැකි වේ. මේ නිසාම සිය අඛණ්ඩ නිෂ්පාදන සංවර්ධන හා නවෝත්පාදන ක්‍රියාවලිය ඔස්සේ සෑම පාරිභෝගිකයකුටම ගැළපෙන නිෂ්පාදන එකතුවක් හඳුන්වා දීමට NIVEA සමත් වී ඇත. මෙහි ඉදිරි පියවරක් ලෙස, Hemas Consumer සමඟ ඇති කර ගත් හවුල්කාරීත්වය ඔස්සේ ශ්‍රී ලාංකිකයන් වෙත තව තවත් සමීප වීම Hemas Consumer හි අපේක්ෂාව වී තිබේ.

මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් NIVEA India  හි සහකාර අධ්‍යක්ෂ (ජාත්‍යන්තර ව්‍යාපාර) සුධාන්ෂු ක්‍රිෂ්ණා මහතා මෙසේ පැවසී ය: “NIVEA පිළිබඳව මෙන්ම පාරිභෝගිකයන් පිළිබඳව ද පුළුල් අවබෝධයක් ඇති සුප්‍රකට බෙදාහැරීම් සමාගමක් වන Hemas Consumer සමඟ මෙලෙස අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. අපගේ පාරිභෝගිකයන්ට

අගය එකතු කළ වටිනාකම් හා විසඳුම් හඳුන්වා දීමේ දී Hemas Consumer සතු අත්දැකීම් විශාල පිටිවහලක් වනු ඇතැයි කියා අප සිතනවා. NIVEA යනු කාලාන්තරයක් තිස්සේ උසස්ම ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන හඳුන්වා දෙමින්, ජාත්‍යන්තර Skin care නිෂ්පාදන වෙළෙඳපොළේ ප්‍රමුඛතම ස්ථානයක් හිමි කර ගැනීමට සමත් වූ සන්නාමයක්. දකුණු ආසියාවේ ආර්ථික සංවර්ධනය සහ ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ ඇති අවස්ථාවන් සැලකිල්ලට ගත් විට, මේ හවුල්කාරීත්වය ඔස්සේ වඩාත් පුළුල් පරාසයක් ආවරණය කරමින්, විශිෂ්ට පාරිභෝගික සේවාවක් ලබා දීමට අපට හැකි වනු ඇතැයි කියා අප විශ්වාස කරනවා.”

මෙම හවුල්කාරීත්වය නිසා මින් ඉදිරියට මෙරට සාමාන්‍ය අලෙවි සල්, තොග අලෙවි සල් සහ අන්තර්ජාල අලෙවි සල් වෙතින් NIVEA නිෂ්පාදන සියල්ල මිල දී ගැනීමට මෙරට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙනු ඇත. මීට සමගාමීව අලෙවි සල්වල ප්‍රචාරක පුවරු, අන්තර්ජාල දැන්වීම් සහ පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන් ඇතුළුව ප්‍රචාරණ හා ප්‍රවර්ධන වැඩසටහන් රාශියක් ද ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබේ●

පුෂ්ප එපිටකඩුව
Leave A Reply

Your email address will not be published.