මළපුඩුව

දුනුකේ මල සේ පිපී දිලෙන සඳ
මුහුදේ රළ සේ හැපී බිඳෙන සඳ
සිතුවිලි දහසක් මගේ හදට වැද
ජීවිත පහුරෙහි සරා නොයෙක ලෙද
ගලින් ගල වැද දියෙහි පෙරළෙන
මඳින් මඳ ඔපවැටෙයි නොදැනිම
දිවිය හා සරි ගලන දිය කඳ
රැගෙන යයි අනියතයි ලෝ දම
පොකුරු මත නෙක මලින් වියමන්
ගොහොරු මඩ මත පිපෙයි පියුමන්
සැදී අලු‍යම අහස සේ රන්
තිබේවි ද හැම කල්ම මනරම්
සොබමන් සුනිල්වන් අහස දිදුලන
උදාගිරි මත දිලෙයි දිනකර
මඳින්  මඳ විත් ගුවන මැදුරත
ගිමන් හරිනේ දවස නිම කර
තවත් දවසක් හෙට ද ඇති වග
සිතා සිත්සේ නිඳයි මනු වග
ඇසෙන ගොරතර හඬින් පිබිදුණු
‘ජීවිතය’ මළපුඩුවෙ බැඳුණි ද?

 

 

■ නිමල් බී. උඩකුඹුර
Leave A Reply

Your email address will not be published.