අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට අයි.එස්.අයි.එස් ත්රස්තවාදීන්ගේ සම්බන්ධයක් ඇති බවට මේවනවිටත් සාක්ෂි ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පවසයි. ඔහු මේ බව පැවසුවේ පාස්කු ඉරුදින (21) ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ අද (24) සාක්ෂි ලබාදෙමින්ය.
මෙම ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ වූ පුද්ගලයන් මෙම ප්‍රහාරය අයි.එස්.අයි.එස් ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස පෙන්වාදීම සඳහා මතවාදයක් රැගෙන යාමට උත්සාහ කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් කරනු ලැබූ විමර්ශන කටයුතු වලදී හෙළිවී ඇති බවද ඔහු තේරීම් කාරක සභාව හමුවේ වැඩිදුරටත් පවසා ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පසුගිය (10) වැනිදා පැවති තේරීම් කාරක සභාව හමුවේ පෙනිසිටිමින් සාක්ෂි ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරද ප්‍රකාශ කර සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාලව සහරාන්ව මේ රටේ කිසියම් පිරිසක් විසින් මෙහෙයවා ඇති බවත්, එම ප්‍රහාර අයි.එස්.අයි.එස් සංවිධානය විසින් නොව විදේශ රටක බලපෑමක් මත එල්ල කර ඇති ප්‍රහාරයක් බවට තොරතුරු ලැබෙමින් පතින බවය.
එම ප්‍රහාරය අයි.එස්.අයි.එස් සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරයක් බවට ආරක්ෂක අංශ විසින් හරියාකාරව ප්‍රකාශයට පත් කර නොමැති බවටත් එවැනි වාර්තාවක්වත් ප්‍රකාශයට පත් කර නොමැති තත්ත්වයක මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණ නිවැරදිව සිදු නොවන බව කියා කාදිනල් තුමන්ට වතිකානුවට ගොස් අඬන්නට සිදු වී ඇති බවද එදින තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් දයාසිරි මන්ත්‍රීවරයා පැවසිය.
රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීන්, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ සහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් පාස්කු ඉරුදින (21) ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ අද (24) උදෑසන සාක්ෂි ලබාදීම සඳහා පෙනී සිටියේය.
ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, එහි අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර සහ එම කොට්ඨාශයේ පොලිස් පරීක්ෂකවරයෙකු වන තරංග පතිරණ යන නිලධාරින් කැඳවා තිබිණ.
colombotrust.com