ජපාන මුහුද ට බැලස්ටික් මිසයිල දෙකක්

ජපාන මුහුද ට උතුරු කොරියාව විසින් බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කළ බවට ජපානය සහ අමෙරිකාව චෝදනා කරයි.මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ උතුරු කොරියානුවන් විසින් “කහ මුහුද” ට වෙනත් මිසයිල දෙකක් එල්ල කර තිබු පසුබිමක. ජපානය සහ දකුණු කොරියාව යන රටවල් දෙකම මෙම පරීක්ෂණය හෙළා දැක තිබේ.  ජපානය කියා සිටියේ සිය භෞමික මුහුදු සීමාව තුළ කිසිදු සුන්බුන් වැටී නොමැති බවයි.

ආසියා-පැසිෆික් කලාපයේ හමුදා බලකායන් අධීක්ෂණය කරන එක්සත් ජනපද පැසිෆික් අණදෙන නිලධාරියා බ්‍රහස්පතින්දා කියා සිටියේ මෙම පරීක්ෂණය මගින් “උතුරු කොරියාවේ නීති විරෝධී ආයුධ වැඩසටහන අසල්වැසියන්ට සහ ජාත්‍යන්තර ප්‍රජාවට ඇති තර්ජනය” ඉස්මතු කර ඇති බවයි.

Leave A Reply

Your email address will not be published.