සජිත්ට එරෙහිව රනිල්ගෙන් අලුත් මෙහෙයුමක්

ජනාධිපති ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාසගේ නම පක්ෂයේ බහුතරයක් විසින් යෝජනා කර තිබෙන තත්ත්වයක් තුළ රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමෙන් නව සන්ධානයක් ගොඩ නැගීමට සූදානම් වන බව වාර්තා වේ. එළඹෙන අගෝස්තු පස් වැනිදා මෙම සන්ධානය බිහි කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය. මෙසේ ගොඩනගන නව සන්ධානයෙන් ප‍්‍රතිපත්ති මාලාවක් සකසා ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය සහ මහ මැතිවරණ වලට මුහුණ දෙන බවද ඔහු පැවසීය.

දැනට එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන පක්‍ෂ වැඩි ප්‍රමාණයක් මීළඟ ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කරනවාට දැඩි විරෝධය පළ කර ඇත. පක්ෂ කිහිපයක් පමණක් දැනුම් දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය විසින් තීන්දු කරණ අපේක්ෂකයෙකුට සහය දීමට සූදානම් බවයි.

මේ තත්ත්වය මත එළඹෙන 05 වනදා සන්ධානය බිහි කිරීමට පෙරාතුව සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම විසින් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරවා ගැනීමට දැඩි වෙහෙසක් දරමින් සිටින බව වාර්තා වෙයි. ඔවුන් ප්‍රධාන වශයෙන් ඉල්ලා ඇත්තේ මුලින් ජනාධිපති අපේක්ෂකයා නම් කර පසු සන්ධානය බිහි කළ යුතු බවයි. කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය දුනහොත් තමන් එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත් වන බව එක්සත් ජාතික පෙරමුණේ ඇතැම් නායකයන් දැනටමත් ප්‍රකාශ කර ඇත. දෙමළ ජාතික සන්ධානයද පසුවන්නේ සජිත් ප්‍රේමදාස මහතා අපේක්‍ෂකයා කළ යුතු නැති බවට වන ස්ථාවරයකය.

Leave A Reply

Your email address will not be published.

15 − 11 =