තියුණු තරඟයකින් පසු ශ්‍රී ලංකාව පරදා ඉන්දීය ලෙජන්ඩ්ස් ජය ගනියි

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ඉන්දීය සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවති අතර එහිදී ඉන්දියාව තියුණු ජයග්‍රහණයක් අත්කරගත්තේය. 2014 වසරෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමක් ජාත්‍යන්තර තලයේ තරගාවලියක අවසන් මහ තරගයකට සුදුසුකම් ලැබු පළමු අවස්ථාව මෙයයි.
මෙම අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 15කින් පරාජය විය.

කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්තාව ඉන්දීය කණ්ඩායමට ලබාදුන්නේය. ඉන්දීය ලෙජන්ඩ්ස් පිළ නියමිත පන්දුවාර 20 තුල කඩුළු 04 දැවී ලකුණු 181 රැස් කළේය.

මේ අනුව ලකුණු 182 ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිළට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 167ක් පමණි.

ඒ අනුව රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ප්‍රවීණයන්ගේ විස්සයි විස්ස තරඟාවලියේ ශූරතාවයට ඉන්දියාව හිමිකම් කිවේය.

 

Leave A Reply

Your email address will not be published.