තිරිඟු පිටි මිල ඉහළට – තේ දළු මිල පහළට

20

තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල අද සිට රුපියල් 7කින් ඉහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ.

එම සමාගම් සඳහන් කළේ, නව මිල ගණන් සම්බන්ධයෙන් දිවයිනේ සියලුම බෙදා හැරීමේ නියෝජිතයින් වෙත දැනුම් දී ඇති බවය.

සමාගම් විසින් රුපියල් 7කින් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල ඉහළ දැමුව ද පැනවෙන බදු අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල තවදුරටත් ඉහළ යනු ඇති බව එම සමාගම් සඳහන් ක‍ළේ ය. එම සමාගම් ප්‍රකාශ කළේ, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මීට මාස 7කට පෙර සිටම තිරිඟු පිටි මිල ඉහළ දැමීමට සැලසුම් කර තිබූ බවය.

මේ අතර තේ දළු මිල යළිත් වරක් පහළ ගොස් තිබේ.

වගාකරුවන් පවසන්නේ, මීට මාස කිහිපයකට පෙර රුපියල් 100කට මිලදී ගත් අමු තේ දළු කිලෝග්‍රෑමයක් මේ දිනවල රුපියල් 80ක් පමණ මිලක් දක්වා පහළ ගොස් ඇති බවය.

මේ හේතුවෙන් තම ආදායම විශාල ලෙස අඩු වී ඇති බව ඔවුහු පෙන්වා දෙති. යළිත් තේ දළු මිල ස්ථාවර කිරීමට රජය මැදිහත් විය යුත් බව ගොවීහු පේනවා දෙති.

තේ දළු මිල අඩුවීම පිළිබඳව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ලුසිල් විජේවර්ධනගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ තේ දළු මිල 30%කට ආසන්න අගයකින් අඩු වී ඇති බවය.

Previous articleදේශපාලන මැදිහත්වීම නිසා සිම්බාබ්වේට ජාත්‍යන්තර ක්‍රිකට් සාමාජිකත්වය අහිමි වෙයි
Next articleකළු ආණ්ඩුව සුදු කරන්න රුපියල් මිලියන 13,000ක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here