ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිදුවීම සම්බන්ධයෙන් හෙට දිනයට පෙර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දන්වා තිබින.