ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් එංගලන්තය පරදවයි

එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග ඊයේ (14) පැවති තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිවිය.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 9ක් දැවී ලකුණු 78කට සීමා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රීඩකයින් සමත් විය.

මෙම තරඟයේදීද විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක ටී.එම්.ඩිල්ෂාන් ලකුණු 6කට කඩුලු 4ක් දවා ගත්තේය.

මේ අතර මෙම පන්දුවාර හතර තුළ එක් නිලකුණු පන්දුවාරයකුත් සටහන් වීම විශේෂත්වයකි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 7යි පන්දු 3ක් අවසානයේ දී කඩුලු 4ක් පමණක් දැවී තිබියදී තරගයේ ජයග්‍රාහී සීමාව පසු කිරීම සමස්ත විය.

පිතිකරණයේ දීද විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ඩිල්ෂාන් පන්දු 26 කදී ලකුණු 61ක් ලබා ගැනීමට සමත් විය.

Leave A Reply

Your email address will not be published.