T20 තරඟාවලිය ගෞරවාන්විත පරාජය වීම

බලාපොරොත්තු වූ පරිදිම T20I තරඟාවලිය කොදෙව්වන් ජයග්‍රහණය කල අතර එය 2-1 ලෙස ගෞරවාන්විතව පරාජය වීමට හැකිවීම එක්තරා දුරකට ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි බව මගේ අදහසයි. අති ප්‍රබල කොදෙව් පිතිකරණ බලකාය ඉතා දුර්වල පිතිකරණයක් දැක්වීම ඇදහිය නොහැකි ලෙස පෙනුනත් ඔවුන් වෙනදාට වඩා දුරදිග දකින බවක් දක්නට ඇත. ඒ ඉන්දියාවෙ පැවැත්වෙන T20I world cup එක ට සැලසුම් සකස් කරමින් දඟ කැවෙන තණතිලි නිර්මාණය කරමින් ශ්‍රී ලාංකික දඟ පන්දු යවන්නන් ට මුහුණ දීමට ගත් උත්සාහය ප්‍රශංසනීය වන බැවිනි . නමුත් ඔවුන් නිවැරදිව ඒ සඳහා මුහුණ දුන් බවක් පෙනෙන්නට නැති වීමෙන් කොදෙව්වන් ගෙ උත්සාහය මුලුමනින් සාර්ථක නොවූ බව වටහාගත යුතුය .
Kevin Sinclair මෑතකදී හදුන්වා දුන් අනෙකුත් Hayden Walsh, Kharry Pierre වැනි සියලු දඟ පන්දු යවන්නන් ට වඩා හොඳ මට්ටමක සිටින බව පැහැදිලිය. ඇතැම් විට වර්තමාන Sunil Narine ට වඩා Sinclair ඉදිරියෙන් බව හැඟෙයි. Fidel Edwards ගෙ ආගමනය එතරම් සාර්ථක නොමැති නමුත් Obead McCoy , Oshane Thomas හා Sheldon Cottrell දෙදෙනාටම වඩා විශ්වාසය තැබිය හැකි ක්‍රීඩකයකු බව පෙනෙන්නට ඇත.
Chris Gayle හා Dwayn Bravo දුර්වල වෙමින් පවතින අතර Holder හා Allan සිය ස්තාන තහවුරු කරගනිමින් සිටියි. නමුත් අටෝරාසියක් වූ ප්‍රහාරකයන් මැද කොදෙව්වන් ට ස්ථාවර පිතිකරුවකු අවශ්‍ය බව හොඳින් පෙනෙන්නට ඇත. ඇතැම් විට ඉදිරියේදී ඒ සඳහා Jason Mohammed ආදේශ වීමට ඉඩ ඇති නමුත් ඒ සඳහා මගේ යෝජනාව Shimron Hetmyer වේ. Hetmyer යනු කොදෙව්වන් ගේ ඊලඟ සුපිරි පිතිකරු වීමට නියමිත ක්‍රීඩකයාය. නමුත් ලාබාල අවධියේ දී ම ලැබූ සාර්ථකත්වය හා මුදල් ප්‍රමාණය දරාගත නොහැකි ව විහින් විනාශ වෙමින් සිටින ක්‍රීඩකයකි. මෙවර අවම ශාරීරික යෝග්‍යතාව අසමත් වීමෙන් සීමිත තරඟ කණ්ඩායමේ ස්තානය අහිමි කරගන්නා ලදී. එය ඔහුගේ විනාශය වලක්වාගැනීමට සිදුකල අනතුරු ඇඟවීමක් ලෙස හඳුනාගැනීම වඩා හිතකර වනු ඇත.
Hetmyer ට අමතරව ස්තාවර පිතිකරු ගෙ ස්තානය සඳහා Jason Holder ද සුදුසු බවක් මේ තරඟාවලියේදි පෙන්නුම් කිරීම කොදෙව්වන් ගෙ තවත් ජයග්‍රහණයකි. ටෙස්ට් ද්විත්ව ශතකයක් පවා රැස් කර ඇති Holder පිතිකරුවකු ලෙස සීමිත පන්දු වාර තරඟ වලදි සාර්ථක වන්නෙ නම් එය කොදෙව්වන් ට අතිමහත් වාසියක් වනු ඇත.
නමුත් තවමත් කොදෙව්වන් ගෙ වේග පන්දු යවන්නන් ගෙ ගැටලුව විසඳී නැත. ඒ සඳහා Alzarri Joseph හැර වෙනත් සුදුස්සෙකු පෙනෙන තෙක් මානයක නැති නමුත් Simmons තවමත් Joseph ව T20I සඳහා කැඳවීමට කැමැත්තක් නොමැති බව පෙනෙන්නට ඇත්තෙ ඇයි දැයි නොදනිමි. සීමිත පන්දු වාර තරඟ සඳහා ඉදිරියේදී Sheldon Cottrell කැඳවනු ඇති නමුත් Joseph ට අමතරව තවත් වේගවත් පන්දු යවන්නකු කොදෙව්වන් ට අවශ්‍ය වේ. ඔහු Anderson Philip හෝ Chemar Holder විය හැකිය.
ශ්‍රී ලංකා කණ්ඩායම සැලකූ විට මෙයට වසර දෙකකට පමණ පෙර ප්‍රකාශ කර ඇති පරිදිම T20I සඳහා අප තරුණයින් ගෙ කණ්ඩායම ක් තෝරා ගත යුතු බව නැවත අවධාරණය කිරීමට සිදුවේ. කණ්ඩායම් නායකයා අහිමි වීම අහඹු සිදුවීමක් නොවන ඕනෑම අයෙකුට සිතෙන්නට ඉඩ ඇත. ඒ අතරම චන්දිමාල් , මැතිව්ස් පමණක් නොව තිසර පෙරේරා ද මේ වනවිට කණ්ඩායම ට අවශ්‍ය නොවන බව මගේ හැඟීමයි ශාරීරික යෝග්‍යතා ගැටලු විසඳාගැනීමෙන් පසු KJP , අවිශ්ක , භානුක සියල්ලෝම අනිවාර්යයෙන් කැඳවිය යුතුව ඇත. නායකත්වය දසුන් ශානක ලබාදිය යුතු අතරම පුහුණුකාරිත්වය හා අනෙකුත් සහායක කණ්ඩායම් ඔහුට සහයෝගය දීමට මෙන්ම ඔහුව ආරක්ෂා කර ගැනීමට උත්සුක විය යුතු වන්නෙ ඔහුට මුහුණ දීමට සිදුවන විශාලතම අභියෝගය තිබෙන්නේ පිටියෙන් පිටත දී බව පෙනෙන්නට ඇති බැවිනි .
T20I තරඟාවලියේදි ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොඳින් පන්දු යැවූ බව ඉතා පැහැදිලිය. ඉන්දියාවෙ තණතිලි බොහෝවිට දඟ පන්දු යවන්නන් ට හිතකර වීමට ඉඩ ඇති බැවින් T20I ලෝක කුසලානයේ දි ප්‍රදාන දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සමඟ ක්‍රීඩා කිරීමට පවා අවස්තා ව ලැබීමට ඉඩ ඇත. එම නිසා චමීර දුශ්මන්ත සමඟ ආරම්භක පන්දු යවන්නා ලෙස දනුෂ්ක ගුණතිලක හා දසුන් ශානක කඩින් කඩ කටයුතු කලයුතු බව මගේ යෝජනාව යි. සාර්ථක ආරම්භක පන්දු වාර දෙකක් අතිශයින් ප්‍රමාණවත් වන අතර තුන්වැනි පන්දු වාරයක් බෝනස් එකක් ලෙස පමණක් ම සැලකිය යුතු වේ. ලංකාවේ ස්තාවර පිතිකරු ලෙස මගේ යෝජනාව ධනංජය ද සිල්වා .
අශාන් බණ්ඩාර මෙන්ම පැතුම් නිශ්ශංක යන දෙපළ ම දැනට එක්දින තරඟ සඳහා භාවිතා කර T20I තරඟ වේගවත් පිතිකරුවන් වන KJP , භානුක වැන්නන් ට බාරකල යුතු බව සිතමි. ඔවුන් ඒ සඳහා තමන් ගෙ ශාරීරික යෝග්‍යතාව පවත්වාගැනීමට උනන්දු විය යුතුව ඇත. ලෝක කුසලානයට පෙර කසුන් රාජිත, ධනංජය ලක්ශාන් , මෙන්ම නුවන් තුශාර ට අවස්තා වක් ලබාදිය යුතුව ඇති බව මගේ හැඟීමයි . මගේ ලෝක කුසලාන සංචිතය පහත පරිදි වේ.

දනුෂ්ක ගුණතිලක
කුසල් ජනිත් පෙරේරා
භානුක රාජපක්ෂ
ධනංජය ද සිල්වා
දසුන් ශානක
වනිඳු හසරංග
අකිල ධනංජය
චමීර දුශ්මන්ත
කසුන් රාජිත
ලක්ශාන් සඳකැන්
ධනංජය ලක්ශාන්
නුවන් තුශාර
මෙහි සිටින්නේ ක්‍රීඩකයන් 12 පමණි . ඉතිරි ක්‍රීඩකයන් තිදෙනා නිරෝශන් දික්වැල්ල , අවිශ්ක ප්‍රනාන්දු , කුසල් මෙන්ඩිස් , නුවන් ප්‍රදීප් , ඉසුරු උදාන සහ අනෙකුත් ක්‍රීඩකයන් අතුරින් තෝරා ගත යුතුව ඇත.
එක්දින තරඟාවලිය ගැන පසුව කතා කරමු.
-චරිත දිසානායක (Cricket with Charitha)

Leave A Reply

Your email address will not be published.