පැරදුනත් අපේ කණ්ඩායම අපට ආඩම්බරයක් – ජෙසින්ඩා කියයි

‘ලෝක කුසලානයේදී පරාජයට පත් වුණත් අපි අපේ කණ්ඩායම ගැන ආඩම්බර වෙනවා’ යයි නවසීලන්ත අගමැතිනී ජෙසින්ඩා ආර්ඩර්න් පවසයි. ඇය මේ බව සඳහන් කළේ කළේ RNZ පුවත් ආයතනයට ප්‍රකාශයක් කරමිනි.

නවසීලන්තයට ලෝක කුසලානය අහිමිවීමෙන් අනතුරුව, සමාජ මාධ්‍ය ජාලයට අදහස් එක් කළ බොහෝ දෙනෙක් “නවසීලන්ත ක්‍රීඩකයන් තරගය පරාජය වුනත් ඔවුන් අපේ හදවත් දිනාගත්තා” යයි කියා සිටියහ.

ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වුන ක්‍රිකට් ලෝක කුසලාන මහා තරඟයේ දී තරග වැදුණු එංගලන්ත සහ නවසීලන්ත කණ්ඩායම්, තරගය නිමාවේ එකම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ අතර, සමස්ත තරගයේ දී වාර්තා කරන ලද හයේ සහ හතරේ පහර ගණන සැලකිල්ලට ගනිමින් (technical boundary rule) එංගලන්ත කණ්ඩායමට ජය අත්විය.

“මම හිතන හැටියට, සමහර විට බොහෝ නවසීලන්තවාසීන් වගේම මමත් ඉරිදා තරගයේ ප්‍රතිපලය සම්බන්ධයෙන් තවමත් පසුවන්නේ කම්පා සහගත තත්වයක” ජසින්ඩා ආර්ඩර්න් (Jacinda Ardern) පවසන්නීය.

Leave A Reply

Your email address will not be published.

1 × five =