ලංකාවේ පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ගෙන් සියයට 90කට වැඩි පිරිසක් ලිංගික හිංසනයට ලක් වන බව හෙළිදරව් කළ මාධ්‍යවේදිනියකට පසුගිය දින වල ඇතැම් පිරිස් වෙතින් දැඩි විරෝධයක් එල්ල විය. වැඩ පොලේදී, මහ මඟදී සහ පොදු ස්ථානවලදී ලාංකීය කාන්තාවන් ලිංගික අතවරවලට මුහුණ දෙන බව ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීම හේතුවෙන් එම මාධ්‍යවේදිනියට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද දැඩි විවේචනවලට මුහුණ දීමට සිදුවිය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන Financial Times පුවත්පතේ සහකාර සංස්කාරිකා මරියන් ඩේවිඩ් ‘ට්විටර්’ පණිවුඩයක් මගින් පවසා තිබුණේ මෙවැන්නකි.
එම අදහසට ප්‍රතිචාරය දක්වමින් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරයකු වන මොහාන් විජේවික්‍රම පවසා තිබුණේ, මරියන් ඩේවිඩ් ශ්‍රී ලංකාවෙන් වහාම පිටවිය යුතු බවය.”ඔබ මේ රටට අයිති නෑ. ඔබේ සැඟවුණු න්‍යාය පත්‍රය කුමක්ද” යනුවෙන් ද එම ‘ට්විටර්’ පණිවුඩයේ දැක්විණ.
ඔහු හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන ගෝඨාභය රාජපක්ෂගේ ‘වියත්මග’ ව්‍යාපාරයට සහයෝගය දක්වන ප්‍රධාන පෙළේ අනුගාමිකයෙකි. ඉන් අනතුරුව ‘වියත්මග’ ව්‍යාපාරයත් ඔහුගේ මතය අනුමත කරමින් ‘ට්විටර්’ පණිවුඩයක් නිකුත්කර ඇත.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ කාන්තාවන් 90% ක්ම පොදු ප්‍රවාහන සේවාවන්හි දී විවිධ අතවරවලට ගොදුරු වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදු කළ ලිංගික හිංසනය පිළිබඳ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
Source – BBC