තමන් ඝාතනය කිරීමට කුමන්ත්රණයක් ඇති බව කතානායක කරු ජයසූරිය සදහන් කරයි. ඒ සඳහා එම පිරිස විසින් මිලියන 25ක කොන්ත්රාත්තුවක් දී ඇති බවට තමනට දැනගැනීමට ඇතැයිද කතානායකවරයා කියා සිටී.
තමන්ගේ නම ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට සදහා යෝජනා වීමත් සමග මෙම කොන්තරාත්තුව බාර දී ඇතැයිද ඔහු පවසයි.
සති අන්ත දෙමළ පුවත්පතක් වෙත අදහස් පළ කරමින් කතානායකවරයා මේ බවපවසා ඇතත් ඒ කවුරුන්ද යන්න ඔහු විසින් හෙළි කර නැත. එසේම මෙවැනි සැලසුමක් පිළිබඳ තොරතුරු ඇත්නම් ඒ පිළිබඳ අදාල අංශ වෙත පැමිණිලි කිරීමට කටයුතු කළ බවක් ද මේ දක්වා වාර්තා වී නැත.