ප්‍රංශ විරෝධතාකරුවන් විසි හතකරට නෙත් අහිමි වෙයි – ඒත් සටන දිගටම

කාලයක් තිස්සේ ප්‍රංශ පාලනයට එරෙහිව ගෙනගිය ‘කහබැනියම් කරුවන්ගේ’ විරෝධතාව තවමත් අවසන් වී නොමැත. එම විරෝධතා වලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 24 දෙනෙකුට සිය දෙඇස් අහිමි වී ගොස් ඇත.

2018 වසරේ මෙම උද්ඝෝෂණය මෙවර ආරම්භ වූ අතර රටේ බදු මිල ඉහළ යෑමට විරුද්ධත්වය දැක්වීම ඇතුළු හේතු කිහිපයකට විරුද්ධ වීම ඔවුන්ගේ විරෝධතාවල අරමුණ විය. ජනපති එමෑනුවෙල් මැක්‍රේන්ගේ රජයට එරෙහි වූ මෙම විරෝධතාකරුවන් පාලනය කිරීමට පෙට්‍රල් බෝම්බ, කදුළු ගෑස්, සිහි නැති කරවීමේ ග්‍රෙනේඩ් අවි, ආදිය භාවිතා කළ අතර ඊට විරුද්ධව ප්‍රචණ්ඩකාරී තත්ත්වය ක්‍රමයෙන් උග්‍ර වීම සිදු විය. පසුගිය මාර්තු මාසයේදී උද්ඝෝෂණ වලින් මෙම කහ බැනියම් විරෝධතා කරුවන් 2200ක් තුවාල ලැබූ අතර පොලිස් නිළධාරීන් 1500කට තුවාල සිදු විය.

මේ අතර විරෝධතාකරුවන් පවසන්නේ මෙම උග්‍ර මර්දනයෙන් සිය සාමාජිකයන් සිව් දෙනෙකුට දෑස් අහිමිවීමේ ඛේදවාචකයත් සමග තමන් පෙරටත් වඩා වැඩි උද්‍යෝගයකින් මෙම විරෝධතා ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවයි. 

Source – LNW

Leave A Reply

Your email address will not be published.

7 + 15 =