රට පුරා කිතුණුවන් අද කළු ඇඳුමින් සැරසී නිහඬ විරෝධතාවට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉටුකරන්නැයි බලකරමින් මෙරට කතෝලික සභාව අද (07) දින කළු ඉරිදාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන අතර මේ අනුව සියලු කිතුණුවන් අද කළු ඇඳුමින් සැරසී දේව මෙහෙයන්ට පැමිණෙඅයුරු දැකගන්නට ලැබේ.
2019 අප්‍රේල් 21 වැනිදා සිය අවසන් වාර්තාව පසුගිය දා භාරදුන් අතර හිටපු ජනපති, හිටපු ආරක්ෂක ලේකම්, හිටපු පොලිස්පති, බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසකට අපරාධ චෝදනා ගොනුකිරීම සහ තවත් නිර්දේශ රැසක් එහි ඇතුළත් ය.

කෙසේ වෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් විධිමත්ව යුක්තිය ඉටුවීමක් සිදුව නොමැති බැවින් මාර්තු මස 07 වැනිදා ඉරුදින කළු ඉරිදාවක් ලෙස නම් කිරීමට කතෝලික අගරදගුරු පදවිය පසුගිය දා තීරණය කළේය.

මේ අනුව අද දිවයින පුරා දේවස්ථානවල දේව මෙහෙයට කළු ඇඳුමින් සැරසී සහභාගී වී දේව මෙහෙයන් අවසානයේ දේවස්ථානයන් තුළ එළිමහනේ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා නිහඬ විරෝධතාවයන් කරනු දක්නට ලැබේ.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගියදා ප්‍රකාශ කළේ එදා ආණ්ඩුවට වගේම දැන් ඉන්න ආණ්ඩුවටත් වගකීමක් තියන බවත් අපේ කාලේ නෙමෙයි මේ ප්‍රහාරය එල්ල වුනේ කියල අත පිහදාගන්න බෑ. අපේ ජනතාවට ගොඩක් බලාපොරොත්තු දුන්න. ඒ නිසා මේ ගැන සාදාරන අපක්ෂපාතීව සාධාරණය ඉටු කරන්නැයි ඉල්ලා සිටියේය. මෙම පියවරෙන් පසු අප්‍රියල් 21 ප්‍රහාරය සිදු වූ දිනය වන විටත් මේ ගැන සාධාරණය ඉටු නොවුනොත් අපි මුළු රටේම නිවෙස්වළ කළු කොඩි ඔසවන්න කියල ජනතාවගෙන් ඉල්ලනවා යැයිද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීය.

කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති අති උතුම් වින්සන්ට් ප්‍රනාන්දු හිමිපාණන් සඳහන් කළේ, ” මේ ප්‍රහාරයෙන් පසුව සාධාරණය ඉෂ්ඨ කරන්නේ නැතිනම්, මේ රටට ඉදිරියේදී ඉතාමත්ම ලොකු ප්‍රශ්න රාශියකට මුහුණ පාන්නට සිදුවෙයි. එය වැළැක්විය නොහැකි වෙයි.” යනුවෙනි.

මේ අතර කතෝලික සභාවේ තීරණය තමන්ද අනුමත කරන බව මහා සංඝරත්නය සඳහන් කර තිබුණි.

මේ රාජගිරිය දේවස්ථානයේ නිහඬ විරෝධතාවයේ යෙදෙන අවස්ථාවයි

රාජගිරිය සිරි හද දෙව්මැදුරේ

ඡායාරුප /වීඩියෝ .- රවීන්ද්‍ර පුෂ්පකුමාර 

කළු ඉරිදා විරෝධය
කොළඹ – කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙවුමැදුර අභියස 
මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහබාගි වූ අවස්තාව 
කොච්චිකඩේ දේවස්ථානයේ ඡායාරුප   අන්තර්ජාලයෙන් 

 

Leave A Reply

Your email address will not be published.