රට ගොඩනගන විකල්ප බලවේගය ලෙස පසුගිය දිනවල ජාතික විද්වත් සංවිධානය ප්රමුඛව විවිධ විකල්ප ධාරාවේ දේශපාලන පක්ෂ ඇතුළු විවිධ සමාජ කණ්ඩායම් එක්ව සිදු කරගනු ලැබූ සංවාද සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ජාතික ජන බලවේගය මේ වනවිට නිර්මාණය වී ඇති අතර එය රටට හඳුන්වාදීමේ පළමු අවස්ථාව කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී අද (14) සිදු කෙරිණි.
ජනතා විමුක්ති පෙරමුණ, 71 සහෝදරත්ව සංසදය, Centre for Dialogue, අලුත් පරපුර, අලුත් පියාපත්, ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනය, සමසමාජ විකල්ප කණ්ඩායම, එතෙර අපි, ජන නියමු කලාකරු එකමුතුව, ජනතා මෙහෙවර උදෙසා රාජ්‍ය සේවකයෝ, ජනවබෝධ කේන්ද්‍රය, ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය, ජාතික භික්ෂු පෙරමුණ, ජාතික විද්වත් සංවිධානය, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය, ඩාබිඳු සාමූහිකය, දුම්රිය සේවක සංගමය, යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ, වමේ කෙන්ද්‍රය, එක්සත් වාමාංශික පෙරමුණ, විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය, ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විකල්ප කණ්ඩායම, ශ්‍රී ලංකා විද්‍යාර්ථීන්ගේ හා වෘත්තිකයන්ගේ සංවිධානය SLAPA, සමාජ සාධාරණය උදෙසා විශ්වවිද්‍යාල ආචාර්යවරු, සවිස්ත්රි ජාතික ව්‍යාපාරය, සුළු ජන මහ සභාව, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විවිධ වෘත්තිකයන්, කලාකරුවන්, විවිධ සමාජ ක්‍රියාකාරීන් රැසක් ඊට සහභාගී විය.


Source – Lankatruth