ආයුබොවන්ඩ පොරසන්න,

පහුණු අවුරුද්දෙ පාස්කුව ලැබුවෙ කඳුළු ගංවතුරකින් රටම යට කොරගෙන. අහිංසක දරු පැටවුන්ට අම්මා-අප්පා අහිමි වුණා වගේම දරු පැටව් අහිමි වීමේ සෝකය දරාගන්ඩ බැරුව සදාකාලික මානසික රෝගීන් බවට පත් වෙච්ච අම්මා-අප්පලගෙ සංඛ්‍යාවත් මෙපමණකැයි කියන්න බෑ. අත-පය, ඇස්-කන් වගේ සරීරාංග අහිමි වෙලා මු`ඵ ජීවිත කාලෙම අංගවිකල ජීවිත ගත කොරන්න සිද්ද වුණ අසරණයො දෙවියන් බැහැදකින්න ගිය තමන්ට සිද්ද වුණේ මොන විපතක් ද කියා තේරුන්ගන්න බැරුව අදත් විලාප නඟනවා.
කතෝලික බැතිමතුන්ගෙ අතිඋතුම් දිනයක් වන පාස්කු දවසෙ සිද්ද වෙච්ච ඒ මහා විපත ජාති, ආගම් ඇතු`ඵ කිසිම බේදයකින් තොරව මු`ඵ රටේම ජනයා එක පොදියක් වී සුසුම් හා කඳු`ඵ හෙළපු දවසක් වුණා. ඒත් සමහර උදවිය නං ඒ වෙලාවෙ රටට පේන්ඩ වැක්කෙරුවෙ කිඹුල් කඳු`ඵ. අනිකාගේ විපත තමන්ගේ සැපත කරගන්න විසිහතර පැයේම කුරුමානං අල්ලන බඩජාරි දේසාපාලුවො පාස්කු ඛේදවාචකය දඩමීමා කොරගෙන ඊළඟ ඉලැක්සොමෙන් රටේ බලය අල්ල ගන්ඩ කෙළ හැලුවෙත් මේ විපත්තිය අස්සෙම බව තමුන්නැහැ අපට වඩා හොඳට දන්නවා ඇති නොවැ ආයිබොවන්ඩ.
ගම්පහ දිස්තිරික්කෙ දේසපාලන බලකණුවක් වන අපේ පොරසන්න සෑර් ඊයෙ පෙරේදා දවසක කොරපු පොරකාසනයක් අහලයි තමුන්නැහැට මේ ලියමන ලියන්න කල්පනා කොළේ. පාස්කු පොහාරයේ මහ මොළකාරයා ගැන කිසිම හෝඩුවාවක් නැතිකොම කොමිසොන් වාර්තාවේ ලොකු අඩුවක් වග ඔහේ බොහොම නිර්බීත විදිහට කියනව ඇහුණා. ඒකෙ සමහර කාරණා හංගල තියෙන විත්තියකුත් පොරසන්න සෑර් කිව්වා මතකයි. හැබැයි ඉතිං ඒ කොමිසොම පත් කෙළේ යහපාලනකාරයො හංදා ඒකෙ වගකීම උන්දැලා බාරගන්න ඕන බව දැනුම් දෙන්ඩත් තමුන්නැහැ අමතක කොළේ නැති එකත් මාරයි.
එතකොට ගරු ඇමතිතුමෝ අපේ මේ මළකඩකාච්ච මොළගෙඩිවලට එන පුරස්නෙ තමා ඔය කියන පාස්කු පොහාරේ එල්ල වුණ දවස්වල තමුන්නැහැලා දීපු පොර ටෝක්ස්වලට දැන් මක්කද වෙලා තියෙන්නෙ කියන එක. කොටි සුන්නද්දූලි කොරපු ගෝඨට ඉස්ලාම් අන්තවාදියො ප්ලැට් කොරන එක මොන කජ්ජක් ද කියල නේද මුන්නැහැලා පූත්තානම් කතා කිව්වේ. පොබාකරන්ව බලු කුක්කෙක් වගේ ඇදන් ආපු තාලෙටම පාස්කු පොහාරය පිටිපස්සෙ ඉහළ හිටං පහළට ඉන්න හැම බක්කෙක්ම දඬුකඳේ ගහන හැටි බලන්ඩ ගෝඨටයි, ඔහෙලටයි චෑන්ස් එකක් දෙන්ඩ කියල නේද කොටි මට්ටු කොරපු හැටි පාරම්බබා බවුද්ද, කතෝලික, හින්දු වගේම ඉස්ලාම් ආගම් අදහන අහිංසක ජනතාව ගැන පහළ වෙච්චි පුදුමාකර සත්ත කරුණාවකින් මුන්නැහැලා ඉල්ලා හිටියෙ.
දඩයම කරගහගෙන යන එකා දැක්කහම දඩයම කොරාපු එකාව අඳුරාගන්ඩ ඇහැකි ය කියාලා අපේ ගංගොඩවල්වල පරණ ඇත්තො කියන කතාව දැන් නං කාටකාටත් තේරුං ගිහිල්ලයි තියෙන්නෙ ආයිබොවන්ඩ. වන් කන්ටිරි – වන් ලෝ කිය කියා උදේ හවස මුන්නැහැලා ගහන වැල් බයිලා අහන කොට දැන් අපිට හිනා යන්නෙ පස්ස පැත්තෙන් විතරමයි පොරසන්න මහත්තයෝ. ආකාස යාත්‍රා ගිලපු උදයංගත් එක්ක සැට් වෙලා යුක්කෙරෙනෙන් ගෙන්නපු සල්ලිකාරයො කස්ටියට පින්සිද්ද වෙන්ඩ හතරගාතේ පතබෑවිලා තිබුණ සිරිලංකා ආර්තිකේ කෙළින් කොරපු එකට නං මුන්නැහැල බානටම ටුවරිස්ට් විරු සම්මාන පිරිනමන්න වටිනා බවත් මේ අවස්තාවේ ගෝඨට යෝජනා කොරන්න ඕනා.
ලියා දන්වන්න හිතාගෙන උන්නු අනිත් වැදගත්ම කාරණේ තමා ආයිබොවන්ඩ වේගයෙන් ඉදිරියට එන බ්ලැක් සන්ඩේ සුනාමියෙන් ලාන්සා සහෝදරයෝ වැඩි ලකුණු රැස්කොර ගත්තොත් කාරිය පොරසන්න නාමය නිකන්ම බ්ලාස් වෙලා යන්ඩ ඇහැකි බවත් හොඳින් හිතට ගන්නය කියන එක●
විශ්ව මිත්‍ර
Leave A Reply

Your email address will not be published.