රටම මිථ්‍යාවේ ගිල්ලන ආණ්ඩුව…

 පසුගිය මාර්තු 02දා කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ, කොවිඩ් 19 ආසාදනය වී මිය යන අයගේ සිරුරු භූමදානය සඳහා උතුරු පළාතේ ඉරණතිව් දූපත යොදා ගන්නා බවයි. කොවිඩ් ගැසට් නිවේදනය පෙබරවාරි 25දා නිකුත් කරන ලදී. මේ අනුව ‘කොවිඩ් මළසිරුරු භූමදානය නොකළ යුතු ය’ යන ස්ථාවරයේ සිටි ආණ්ඩුව තම තීරණය වෙනස් කර ඇති බව පැහැදිලි ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසිනුත්, මෙරට විද්වතුන් බොහෝ දෙනකු විසිනුත් අදාළ කොන්දේසි සහිතව කොවිඩ් මළසිරුරු භූමදානය ගැටලුවක් නොවන බව පෙන්වා දී තිබිණි. එහෙත්, ආණ්ඩුවේ බලාධිකාරියේ ජාතිවාදී හා වැඩවසම් පසුගාමී චින්තනය ඒවා පිළිගන්නා බවක් පෙන්නුම් කළේ නැත. තම ආගමික හා සංස්කෘතික බැඳීම් නිසාවෙන් ඉස්ලාම් භක්තිකයන්ගේ මෘතදේහ භූමදානය සඳහා කෙරුණු ඉල්ලීම් පයිසෙකටවත් ගණන් ගැනුණේ නැත. එහෙත් ජීනීවා මානව හිමිකම් සැසිවාරයේ බලපෑම, ඉදිරි ඡන්ද සැලැසුම් හා මුස්ලිම් ජනයාගේ විරෝධය යන සියලු කරුණු හමුවේ ආණ්ඩුවට මේ තීරණයට පල්ලම් බසින්නට සිදු වී තිබේ.

හෙළිදරවු නොවන තාක් කල් හා අභියෝගයට ලක් නොවන තාක් කල් මිථ්‍යාවට පැවැතිය හැකි ය. සාමාන්‍ය ජන සංස්කෘතිය තුළ ද යම් යම් ඇදහිලි හා විශ්වාස පවතින බව සැබෑ ය. පසුගිය දා යක්ෂ දෝෂයකට ප්‍රතිකාර යැයි කියමින්, ශාන්තිකර්මයක් ලෙස වේවැල් පහර දීමෙන් දෙල්ගොඩ ප්‍රදේශයේ නව හැවිරිදි පාසල් දැරියක් ජීවිතයෙන් සමුගත්තා ය. වාර්තා නොවන මෙවැනි සිදුවීම් බොහෝ පතී.

කොවිඩ් වෛරසය මැඬලීමට රාජපක්ෂ පවුලේ වෛද්‍යවරයා බව කියන ඒලියන්ත වයිට් නිර්දේශ කර තිබුණේ, ගංගාවලට මොනවා දෝ දැමූ ජප කළ දුම් මුට්ටි අතහැරීමයි. ඒ අතර කොහෙන්දෝ මතු වූ ධම්මික පැණියක් ද, රාවණා පැණිය වැනි තවත් බහුබූත ද විය. සෞඛ්‍ය ඇමතිනිය ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ද, විශේෂයෙන් ආණ්ඩුවේ උපදේශකයන් වී සිටින සිංහල බෞද්ධ ලේබලය අලවා ගත් තක්කඩින් ද, ඔවුන්ට ආවඩන මාධ්‍ය නාළිකා ද ජනතාවට කිව්වේ, ඒ බහුබූත අනුගමනය කරන ලෙස ය. අවසානයේ සෞඛ්‍ය ඇමතිනියට ද කොවිඩ් ආසාදනය වී ජීවිතය බේරා ගත්තේ ද අනූනමයෙනි. දැන් ඒ කිසිවක් සිදු නොවූ පරිද්දෙන් අන් හැමට ම පෙර එන්නත් ලබා ගැනීමට පොරකන්නේ ද මේ පිරිස් ම වීම හාස්‍යජනක ය.

හෙළිදරවු නොවන තාක් කල් හා අභියෝගයට ලක් නොවන තාක් කල් මිථ්‍යාවට පැවැතිය හැකි ය. සාමාන්‍ය ජන සංස්කෘතිය තුළ ද යම් යම් ඇදහිලි හා විශ්වාස පවතින බව සැබෑ ය. පසුගිය දා යක්ෂ දෝෂයකට ප්‍රතිකාර යැයි කියමින්, ශාන්තිකර්මයක් ලෙස වේවැල් පහර දීමෙන් දෙල්ගොඩ ප්‍රදේශයේ නව හැවිරිදි පාසල් දැරියක් ජීවිතයෙන් සමුගත්තා ය. වාර්තා නොවන මෙවැනි සිදුවීම් බොහෝ පවතී.

‘මහ කකුළුවන් ඇදේට යද්දී, පොඩි එවුන්ට කෙළින් යන්න’ කිව්වාට වැඩක් නැත. ඒ නිසා සමාජය හදන්නට නම්, පළමුව පාලකයන් ආදර්ශවත් විය යුතු ය. ලොව රටවල් අඟහරු තරණය කරද්දී, අප රට තවමත් අඟහරුගේ අපල ගැන බිය වී තක්කඩින්ගේ සාක්කු පුරවමින් සිටින්නවුන්ගේ රටකි.

මේ ප්‍රශ්නය බරපතළ වන්නේ මිථ්‍යාව දේශපාලන බල වෘපෘතියක් වූ විට ය. ඒ බව පසුගිය කාල පරිච්ඡේදය පුරා ම පැහැදිලිව දක්නට හැකි විය. වකුගඩු රෝගයට කොහේදෝ ඉන්නා මෑණි කෙනෙක් නාථ දෙවියන්ගේ විසඳුම් කිව්වා යැයි කියූ පුද්ගලයා අද සෞඛ්‍ය ක්ෂේත්‍රය භාර වගකිව යුතු ඇමති කෙනෙකි. පසුගිය දා කොරෝනා පැණි කරේ තියාගෙන ගියේ ද මේ අය ම ය. අනුරාධපුර පැත්තේ දේවාරූඪයෙන් හාස්කම් කරනවා යැයි කියනු ලබන ඥානක්කා කෙනකුගේ පිහිට පතා රාජ්‍ය නායකයන්, මැති ඇමතිවරුන් පමණක් නොව නිලධාරීන් ද ගොස් සතිපතා යාතිකා කර ගන්නා බව දැන් රට ම දන්නා කරුණකි. ජනතා බලාපොරොත්තු ඉටු කළ නොහැකිව ආණ්ඩුව දිගින්දිගටම අසමත් වන විට මිථ්‍යාන්ධකාරයේ ගිලී සිටින ආණ්ඩුවේ ලොක්කන් වැඩි වැඩියෙන් ඥානක්කලා පසුපස වැටෙන බව පැහැදිලි ය. එසේ ම ජනතාවද තව තවත් මේ මිථ්‍යාවන් තුළ ගිල්වා තබා ගැනීමට උත්සාහ දරන බව ද පැහැදිලි ය. ආණ්ඩු බලයෙන් වරප්‍රසාද ලබාගෙන ආණ්ඩුවේ එල්ලී සිටින කිනිතුල්ලන් වැනි වූ සියල්ලන් ද ඒ සඳහා විවිධ උගුල් අටවන බව පැහැදිලි ය. රාජ්‍ය මාධ්‍ය පමණක් නොව ආණ්ඩුවේ ප්‍රචාරක ව්‍යාපෘති බවට පත්ව ඇති පෞද්ගලික නාළිකා බොහොමයක් ද ඒ සඳහා යොදා ගැනීමට ඔවුන්ට හැකිය. තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලය ද, 20වන සංශෝධනයෙන් අත්පත් කර ගත් අත්තනෝමතික බලය ද යන සියලු බලයන් ද ඒ සඳහා යෙදැවෙන බව ද ඇත්තකි.

එහෙත්, මේ මොන දහංගැට දැම්මත්, සත්‍යය සැඟවිය නොහැකි ය. වරාය නැඟෙනහිර ජැටිය බේරා ග ැනීමේ සටනේ දී ද, සූරියවැව අලි රක්ෂිතය වෙනුවෙන් කෙරෙන සටනේ දී ද, පසුගිය දා නිමවූ නීතිඥ සංගම් නිලවරණයේ දී ද ආණ්ඩුවේ බොරු හමුවේ දැන් ජනතා බලවේග නොරැවටෙන බව පෙන්වා අවසන් ය●

Leave A Reply

Your email address will not be published.