බල වුවමනාවට යට වුණු පාස්කු කොමිෂන් වාර්තාව

පසුගිය සති අන්ත පුවත්පතකට රතන හාමුදුරුවෝ සම්මුඛ සාකච්ඡාවක් දුන්හ. උන් වහන්සේ එහි දී කියා සිටියේ, නන්දසේන ගෝඨාභය මහතාට ඊ ළඟ ඡන්දයේ දී සිංහල බහුතරයකගේ ඡන්ද ගන්න බැරි බව ය. එය ආවාට ගියාට ඔහේ කියපු දෙයක් නොවේ ය. ගෙවිච්ච කෙටි කාලය තුළ ගෝඨාභයගේ කල්ක්‍රියාව මත කියපු දෙයක් ය.

ජනාධිපතිවරණයේ දී සිංහල ජනතාව රවට්ටන්න බොහෝ දේ කිව්වේ ය; බොහෝ පොරොන්දු ද දුන්නේ ය. එහෙත්, බලයට ආවට පස්සේ කරපු දේවල් ඊට මුළුමනින් ම වෙනස් ය. තනි සිංහල ආණ්ඩුවක් හදන්නේ යැයි පුන පුනා කිව්වේ ය. ජනාධිපතිවරණය දිනපු ගමන්මත්, තමන් දිනුවේ, සිංහල ජනතාවගේ ඡන්දයෙන් යැයි කිව්වේ ය. ලංකාවේ දී එහෙම කියපු ගෝඨාභය තමන්ගෙ පළමු විදේශ සංචාරය යොදා ගත්තේ ඉන්දියාවට ය. ඉන්දියාවේ දී කිව්වේ, ලංකාව සිංහලයන් විතරක් ඉන්න රටක් නොව දෙමළ, මුස්ලිම් අය ද ඉන්න රටක් බව ය. ඒ අයගේ වුවමනා-එපාකම් ද තමන් ඉටු කරන බව ය. දිනේෂ් ගුණවර්ධන ඊයේ පෙරේදා ජගත් මානව හිමිකම් කවුන්සිලය අමතද්දීත්, ලංකාව යනු බහුජාතික බහුආගමික රටක් බව පිළිගත්තේ ය. එහි වරදක් නැත. ප්‍රශ්නය ඇත්තේ, ඡන්ද කාලෙක මීට මුළුමනින් ම විරුද්ධව තනි සිංහල කතා කීම ය.

 කාදිනල් හිමිපාණන් වහන්සේ ද මේ චෝදනාව ම එල්ල කළහ. උන් වහන්සේ කියන්නේ ද කාගේ හරි මොකක් හෝ වුවමනාවකට කොමිෂන් වාර්තාව වෙනස් කොට ඇති බව ය. “මෙතැන එක එක ඩීල් තියෙනවා නේ. තුනෙන් දෙක ගන්න කට්ටිය ඔක්කොමගෙ ඡන්ද ටිකත් ඕනෑ වුණා නේ” යැයි කියන්නේ, මේ කතාව ම ය. එදා විස්සට ඩීල් දැම්මා වාගේ අදත් තව ඩීල් එකක් දමා ඇත්තේ ය. ඒ විස්සට නොවේ ය. ඊ ළඟ ජනාධිපතිවරණයට විය හැකි ය.

ගෝඨාභය විසිවැනි සංශෝධනය සම්මත කර ගනිද්දී, කිසි හිරිකිතයක් නැතිව හකීම්ලාගේ, රිෂාද්ලාගේ ඡන්ද ටික ගත්තේ ය. එතකොට තනි සිංහල කතාවක් නැත. මුස්ලිම් කොරෝනා මෘතදේහ භූමදාන කරන්නට ඡන්දයට කලින් අවසර දුන්නේ ම නැත. එහෙත්, දැන් අවසර දී ඇත. මුස්ලිම් ජනතාවගේ මූලික සංස්කෘතික ප්‍රශ්නයත් පාවිච්චි කර ගත්තේ තමන්ගේ පටු ඡන්ද වුවමනාව වෙනුවෙන් ය. පහුගිය කාලය පුරාවට ම කිව්වේ, පළාත් සභා අහෝසි කරන කතාවක් ය. ඒත්, දැන් කියන්නේ, ලබන ජුනිවල ඡන්දය තියන බව ය. ඡන්දෙට කලින් කතා කරපු වඳ කොත්තු, වඳ ටී ෂර්ට්, වඳ සැත්කම් ඒ මොනවාවත් දැන් නැත. අඩු ම ගණනේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තාවේවත් ඒ ගැන කිසිවක් සඳහන්ව නැත. මුස්ලිම් ජනයාට එරෙහිව සිංහල ජනතාව තුළ කේන්තියක් ඇති කරවූයේ මෙවැනි කරුණු පදනම් කරගෙන ය. ඒත් එක්ක ඇති වුණු සැකය, අවිශ්වාසය, භය අවසානයේ දී දෙපැත්ත ම දෙපැත්තට තල්ලු කළේ ය. එක පැත්තකින් සිංහල බෞද්ධ අන්තවාදයක් පෝෂණය වුණේ ය. අනෙක් පැත්තෙන් ඉස්ලාම් අන්තවාදයක් පෝෂණය වුණේ ය. සහරාන් බෝම්බය දක්වා වර්ධනය වූයේ මෙකී පසුබිම ය.

එහෙත්, රාජපක්‍ෂ කණ්ඩායම කළේ එකී විරෝධය මුළුමනින් ම රිෂාද් බදියුදීන් ඇතුළු දේශපාලනඥයන් පිට පැටවීම ය. රිෂාද්ට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් ද ගෙනාවේ ය. එහි පැහැදිලිව ම තිබුණු කරුණු වූයේ පාස්කු ප්‍රහාරයට ඔහු සෘජුව ම වගකිව යුත්තකු කිරීම සඳහා ය. රතන හාමුදුරුවෝ දළදා මාලිගාව අභියස මාරාන්තික උපවාසයක් කළේ, හිස්බුල්ලලාට, අසාද් සාලිට විරුද්ධව ය. එහෙත්, පාස්කු ප්‍රහාර කොමිෂන් වාර්තාවේ මේ අය පිළිබඳව ඇත්තේ, සරල චෝදනා ය. රිෂාද්ට ඇති ප්‍රධාන චෝදනා වන්නේ තඹ කර්මාන්තයට තඹ ලබා දීමේ දී වංචාසහගත ලෙස ලබා දී ඇති බව ය. අනෙක් කරුණ වන්නේ අත්අඩංගුවට ගත් මුස්ලිම් තරුණයකු නිදහස් කර ගන්න පොලිසියට, හමුදාවට කතා කිරීම ය. ඒ හැර පාස්කු ප්‍රහාරය පිළිබඳ කිසිදු සෘජු චෝදනාවක් එල්ල කර නැත. මේ දවස්වල ආණ්ඩුවේ කවුරුවත් එහෙම කියන්නේ ද නැත. කොමිෂන් වාර්තාව පුරා ම හකීම්, රිෂාද්, හිස්බුල්ලා, අසාද් සාලි වාගේ දේශපාලන නායකයන්ට එරෙහිව ලොකු චෝදනා නැත. ඒ සියල්ල ඇත්තේ, තනුක කරලා ය.

දැන් ප්‍රශ්නය ඇත්තේ, එය ඉබේ සිදු වූවක් ද නැත් නම්, හිතාමතා සැලැසුම් කර සිදු කළ දෙයක් ද යන්න ය. ආණ්ඩු හිතවාදී හාමුදුරු නමක් කිව්වේ, ඇමෙරිකානු පුරවැසියකු වාර්තාව විකෘති කොට ඇති බව ය. දේශපාලන කතබහ ඇත්තේ ද එලෙස ම ය. මෙම වාර්තාව විවිධ ප්‍රභූන්ට භාර දෙනු ලැබූයේ හරිගුප්ත රෝහණධීර ය. ඔහු බැසිල් රාජපක්‍ෂගේ ඉතා කිට්ටුවන්තයෙක් ය. සම්බන්ධය ඇත්තේ, එතැන ය. වාර්තාව විකෘති කරනු ලැබුවේ යැයි කතාබහට ලක් වන්නේ මේ අනුව ය. ඒ කියන්නේ, බැසිල් හිතාමතා ම රිෂාද්ලාව, හිස්බුල්ලලාව බේරා ඇති බව කියයි. මේ දවස්වල ආණ්ඩුව ඇතුළෙත් මේ ගැන වාද විවාද ඇත. කොහොමත් රිෂාද් බදියුදීන් කියන්නේ, බැසිල්ගේ අතිජාත දේශපාලන මිතුරෙක් ය. රිෂාද් කැලෑ කැපුවා යැයි චෝදනා කළාට ඊට අනුබලය, අවසරය දුන්නේ බැසිල් ය. බැසිල් එදා ආර්ථික කටයුතු පිළිබඳ ඇමතිවරයා ය. මන්නාරම් දිස්ත්‍රික් සංවර්ධන කමිටුව මඟින් ම ඒ තීරණය ගෙන තිබිණි. අන්තිමට රිෂාද් දෙදහස් පහළොවේ මෛත්‍රී පිලට යන කොට දෙන්නා අඬලා, බදාගෙන වැලපිලා වෙන් වුණ එක ප්‍රසිද්ධ රහසක් ය.

අතිඋතුම් කාදිනල් හිමිපාණන් වහන්සේ ද මේ චෝදනාව ම එල්ල කළහ. උන් වහන්සේ කියන්නේ ද කාගේ හරි මොකක් හෝ වුවමනාවකට කොමිෂන් වාර්තාව වෙනස් කොට ඇති බව ය. “මෙතැන එක එක ඩීල් තියෙනවා නේ. තුනෙන් දෙක ගන්න කට්ටිය ඔක්කොමගෙ ඡන්ද ටිකත් ඕනෑ වුණා නේ” යැයි කියන්නේ, මේ කතාව ම ය. එදා විස්සට ඩීල් දැම්මා වාගේ අදත් තව ඩීල් එකක් දමා ඇත්තේ ය. ඒ විස්සට නොවේ ය. ඊ ළඟ ජනාධිපතිවරණයට විය හැකි ය. රතන හාමුදුරුවන්ට අනුව සිංහල ඡන්දවලින් විතරක් ඊ ළඟ ඡන්දය දිනන්න කොහෙත් ම බැරි ය. ඒකට මුස්ලිම්, දෙමළ ඡන්ද වුවමනා ය. දැන් ම ඉඳලා ම ඒකට සැලැස්ම සෑදිය යුතු ය. රිෂාද්ලා තරහා කර ගත්තොත්, ඒ වැඩේ කරන්නට අමාරු ය. බැසිල් මේ ගහන ගේම ආණ්ඩුව ඇතුළේ බොහෝ දෙනෙක් දැනටමත් දනිති. දන්න අය එළිපිටමත් ගහන්නෝ ය. ආණ්ඩු හිතවාදී බොහෝ ස්වාමීන් වහන්සේලා අවස්ථා කිහිපයක දී ම මෙය නොකියා කිව්වෝ ය.

මේ යන විදියට ගෝඨාභයට සිංහල ඡන්ද ටිකවත් ලැබනේනේ නැත. ඒ නිසා මෛත්‍රීපාල වාගේ පළමු වටයෙන් ම දැවී යාම ස්ථිර ය. ඊටත් කලින් දැවී යාම ද සිදු විය හැකි ය. ඊ ළඟ තුරුම්පුව අදින්න ජොකියෙක් දැන් තියා ම සූදානම් කිරීම ඔවුන්ගේ ඉලක්කයයි. බලයට එන්න එදා දහස් ගණනක් කම්පාවට පත් වුණ පාස්කු ප්‍රහාරය පාචිච්චි කළා වාගේ ම ඊ ළඟ පාර බලයට එන්නත් ඒ පිළිබඳව කරන පරීක්‍ෂණය ද යොදා ගැනීම අරුමපුදුම ය. එහෙත්, සිදු වන්නේ එයයි.●

ජගදාක්‍ෂි

 

 

 

 

 

Leave A Reply

Your email address will not be published.