කොවිඩ් මරණ භූමදානය ආරම්භ කරමින් අද(05) මෘතදේහ 9 ක් භූමදානය කරයි

විවිධ මත බේද තිබියදී කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයින්ගේ මෘතදේහ මෙරටදී භූමදානය කිරීම අද ආරම්භ කළේය. මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ තෝරාගත් ස්ථානයකදී පළමුව භූමදානය කර ඇත්තේ මඩකලපුව කෝට්ටමුණේ ප්‍රදේශයේ පදිංචිව සිට මියගිය වයෝවෘද්ධ කාන්තාවකි. මෙම කාන්තාව මීට දින 20 කට පමණ පෙර මියගියඅයෙකි.

එම කාන්තාවගේ දේහය මේ දක්වා මඩකලපුව ආරයන්පති දිසා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබී ඇත.

අද (05) දිනය තුල කොවිඩ් -19 ආසාදිතව මිය ගිය 9 දෙනෙකුගේ දේහ මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේදී භූමදානය කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

අන්තර්ජාල ඡායාරුපයක්

 

Leave A Reply

Your email address will not be published.