රාජ සභා ගොඩනැගිල්ල ඩෝසර් කිරීම පිළිබඳ නඩුවේ වගඋත්තරකරුවන්ට නොතීසි

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි රාජ සභා ගොඩනැගිල්ල පසුගිය වසරේ කඩා ඉවත් කිරීමේ සිද්ධිය පිළිබඳ ගොනුකළ රිට් පෙත්සමක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වමින් අභියාචනාධිකරණය පොලිස්පතිවරයා ඇතුළු තිදෙනකුට නොතීසි නිකුත් කර තිබේ.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව මැයි මස 18 වනදා පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නොතීසි නිකුත් කළේය.

ඒ අදාළ පෙත්මස අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

එහි වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති වරයා, කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, කුරුණෑගල නගර සභාව සහ නීතිපතිවරයා නම් කොට ඇත.

මෙම ඓතිහාසික ගොඩනැගිලිල ඩෝසර් යොදා කඩා විනාශ කර අදට මාස 07යි දින 20ක් ගත වී ඇතැයිද ඊට එරෙහිව පැමිණිලි 05ක් සහ නඩු දෙකක් ගොනු කර ඇතත් මේ දක්වා කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැතැයිද සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.