රූමස්සල පරිසර විනාශයට එරෙහිව පැමිණිලි කරයි…

රූමස්සල පරිසර කලාපයේ සිදු කරණ මාර්ග ඉදිකිරීම් ඇතුළු, එම පරිසර පද්ධතිය විනාශ කිරීමේ තත්වය සම්බන්ධයෙන් පරිසර සංවිධාන එකමුතුව විසින් ඊයේ (03) මධ්‍යම පරිසර අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එසේම මීට සමගාමීව “ගාල්ලේ හදවත අනතුරේ රූමස්සල අභයභූමිය වනසන්න ඉඩ නොදෙනු” යනුවෙන් පසුගිය දෙවනදා ගාල්ල නගරයේදී බැනරයකට මහජන අත්සන් ලබාගැනීමටද ඔවුන් කටයුතු කළේය.

මෙම අධිසංවේදී පරිසර කලාපය තුළින් රූමස්සල පීල්ල හංදියේ සිට යද්දෙහිමුල්ල දක්වා දිවෙන අඩිපාර නීති විරෝධී සහ බලහත්කාරී ලෙස අඩි 40ක පාසල් ලෙස පුළුල් කිරීමට සූදානම් වන බවත් ඒ හේතුවෙන් දුර්ලභ ගස්වැල් බෙහෙත් පැලෑටි කපා විනාශ කර ගිනි තබා ඇති බවත් මෙම පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම අවස්ථාවට රූමස්සල ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු ලාල් ගමගේ, රුහුණු විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ත අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ශම්මික ලියනගේ, ජීවය සුරකිමු පරිස එකමුතු වෙනුවෙන් එහි කැඳවුම්කරු සංජය ධනුෂ්ක, නීතිඥ රූපයේන කොස්වත්ත සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තීය පුහුණු උපදේශකයකු වන අශාන් මෙන්ඩිස් සහ සුරකිමු රූමස්සල කමිටු සාමාජික සමන්ත සිරිවීර යන පරිසරවේදීහු එක්වී සිටියහ.

 

Leave A Reply

Your email address will not be published.