පරමාදර්ශි කියුබාව Covid 19 සදහා ඇගේම එන්නත ඉදිරිපත්කරයි !

Covid 19 සදහා එන්නතක් නිපදවීම කිසිසේත් සුලු කාර්යයක් නොවන අතර විශේෂයෙන් ඩොනල්ඩි ට්‍රම්ප්ගේ පාලනය යටතේ එක්සත් ජනපද සම්බාධක වැඩිවීම තුලින් අතවශ්‍ය ද්‍රව්‍ය හා සේවාවන් සීමාකරන ලද රාජ්‍යයක එය යෝධ පියවරකි. එහි අර්ථය වන්නේ සියලු බාධක මැද කියුබාව සිය ජනතාව සමග ඉදිරියට යන බවයි.
BBC ය වාර්තාකරන ආකාරයට කියුබානුවන්ගේ විද්‍යාගාරය බදු හවානාහි Finlay එන්නත් ආයතනය තුළ ඇති සමහර වෛද්‍ය උපකරන යල්පැන ගියද එහි සුදෝසුදු බිත්ති පිටුපස සිදුවන විද්‍යාව අති නවීන ය. කියුබානුවන් මෙම මාර්තු මස එහි 3 වැනි අදියරට ළගාවෙන Covid 19 සදහා වු එන්නත නම්කර ඇත්තේ සොබෙරානා 02 යනුවෙනි. ඔවුහු මේ වනවිට එවැනි එන්නත් 04 ක් සංවර්ධනය කරමින් සිටී. සොබෙරානා 02 යනු වෛරසයෙන් ස්පයික් ප්‍රෝටීන වලින් කොටසක් ගෙන එය මිනිස් සෛල වලට බන්ධනය කරන සංයුක්ත එන්නතකි. කියුබානු විප්ලවවාදී නිරූපකයෙකු වන ජෝස් මාටි විසින් රචිත කවියක ‘‘ සොබෙරානා ‘‘ ලෙස හැඳින්වෙන චරිතය ඇති අතර ස්පාඤ්ඤයට එරෙහිව නිදහස සඳහා ලේවැකි යුද්ධයක් කළ කියුබානු කාන්තා ගරිල්ලා නායිකාවක් ගැන එය සදහන් කරයි . එහි ස්පාඤ්ඤ අර්ථය ‘‘ ස්වෛරීත්වය ‘‘ යන්නයි.
ප්‍රධාන වශයෙන් සංචාරක කර්මාන්තය මත යැපෙන රටක් වෛරස නිසා අගුලුලෑ පසුව එහි ආර්ථිකය 11% කින් කඩා වැටිනි.
එබැවින් කියුබාව පසුගිය දෙැසැම්බරයේ එය සංචාරකයන්ට නැවත විවෘත කලේය. 2020 වර්ෂයේ වැඩි කාලයක් තිස්සේ කියුබාවට වසංගතය පැතිරීම පාලනය කර ගැනීමට හැකි වූ නමුත් දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර සංචාරකයින්ට නැවත ඇගේ දොරවල් විවෘත කිරීම රෝගීන් වැඩිවීමට හේතු විය. කියුබානු රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව, පෙබරවාරි 28 වන විට කැරිබියානු ජාතිය මරණ 108 ක් සහ නව රෝගීන් 7642 ක් වාර්තා කර තිබේ.
සොබෙරානා 02 හි සායනික අත්හදා බැලීම්වල පළමු අදියර 2020 නොවැමිබර් 02 දිනද එහි දෙවැනි අත්හාදා බැලීම කියුබානුවන් හතලිස් දහසක් පරීක්ෂනයට ලක්කරමින් ජනවාරි 08 සිදුකල අතර එහි අවසාන හා තෙවන අදියර මිනිසුන් එක්ලක්ෂ පනස්දහසක් පරීක්ෂනයට ලක්කරමින් ඉරානයේ සහ කියුබාවෙි මාර්තු මස අවසානයේද සිදුකරනු ඇත. ඒ සමගම මෙක්සිකානු විදේශ සබඳතා ලේකම් මාර්සෙලෝ එබ්‍රාඩ් කියා සිටියේ මෙම එන්නත සංවර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය ලේකම් කාර්යාලය සහ කියුබාවේ රසායනාගාරය අතර සන්නිවේදනයක් පවතින බවත්, එහි තුන්වන අදියරෙන් කොටසක් මෙක්සිකෝවේ සිදු කළ හැකි බවත්ය.
කියුබානු ජනාධිපති මිගෙල් ඩියාස්-කැනල්ගේ සමාජවාදී රජය සිය එන්නතේ ප්‍රතිපල ගැන සුභවාදී ය. සාර්ථක වුවහොත්, කියුබාව මේ වසරේදී සොබෙරානා 02 මාත්‍රාව මිලියන 100 ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන අතර, එහි ඉලක්කය වන්නේ මිලියන 11 කට අධික ජනගහනයක් සිටින රටෙි මුළු ජනගහනයටම එන්නත ලබා දී. සිය රටේ මුලු ජනතාවටම එන්නත ලබා දුන් ලෝකයේ පළමු රටවල් කාණ්ඩායම අතරට ඇතුල්වීම සහ වසර අවසාන වන විට වෙනත් රටවලට අපනයනය කිරීම ආරම්භ කිරීමයි. දැනටමත් කියුබානු එන්නත ලබා ගැනීම සදහා ඉරාණය, වෙනිසියුලාව, දකුණු අප්‍රිකාව මෙක්සිකෝව සහ ඉන්දියාව කියුබාව සමග ගිවිසුමි වලට එළඹ සිටී.
කියුබාවේ මානවවාදයේ, ජාත්‍යන්තරවාදයේ සහ සහයෝගීතාවයේ මුල් බැසගත් වෛද්‍ය නවෝත්පාදන ඉතිහාසයේ කොටසක් වන බැවින්, දුප්පත් රටවලට එන්නත් පරිත්‍යාග කිරීමට රට දැනටමත් නිවේදනය කර තිබේ. මීට අමතරව කියුබානු එන්නත් ආයතනයේ ( Finlaay ) හි අධ්‍යක්ෂ, වේරෙස් බෙන්කොමෝ, පැවසුවෙි තම රටට පැමිණෙන සියලුම විදේශිකයන් හට සොබරානා 02 ලබා දෙන බවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ පෑන් ඇමරිකානු සෞඛ්‍ය සංවිධානයේ නියෝිත හවානාහි වෙසෙන පේරු සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජෝස් මොයා කියා සිටියේ කියුබානු එන්නත් පර්යේෂකයන් ජාත්‍යන්තර ප්‍රොටෝකෝලයන්ට අනුකූලව කටයුතු කිරීම සහ ඔවුන්ගේ ප්‍රගතිය පිළිබඳ යාවත්කාලීන කිරීම් ලබා දීම පිළිබඳව තමා ඉතාමත් ධෛර්යමත් වූ බවයි.

-උපාලි ජයසිංහ 

Leave A Reply

Your email address will not be published.