තානාපතිලා දහ හතකට සුදුසුකම් නෑ…

විදේශ සේවයට අදාළ සුදුසුකම් නොලත් තානාපතිවරුන් සහ මහකොමසාරිස්‌වරුන් 17 දෙනෙකු පසුගිය වසර නවයේදී තානාපති සේවයට අනුයුක්‌ත කර ඇතැයි ආණ්‌ඩු පක්‌ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. 2010 වසරේ සිට මේ දක්‌වා තානාපතිවරුන් සහ මහකොමසාරිස්‌වරුන් ලෙස පත් කරන ලද අය අතරින් විදේශ සේවා පළපුරුද්ද සහ අධ්‍යාපන සුදුසුකම් නොමැති නිලධාරීන් කවුරුන්ද යන්න පිළිබඳව වාචික පිළිතුරු අපේක්‌ෂාවෙන් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්‌ස අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

ඒ අතුරින් ඇමෙරිකාවේ තානාපති ලෙස පත්කර ඇති ජාලිය වික්‍රමසූරිය සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ලෙස පත්කර ඇති අමරි විජේවර්ධනගේ අධ්‍යාපන සුදුසුකම් වන්නේ අපොස උසස්‌ පෙළ සමත් වීම පමණක්‌ බව ද ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළේය.

විදේශ සේවා පළපුරුද්ද සහ අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණ නොකර එම තානාපති සේවයට අනුයුක්‌ත කළ අනෙක්‌ නිලධාරීන් අතර මහා බ්‍රිතාන්‍යයට චන්ද්‍ර නිහාල් ජයසිංහ, වෛද්‍ය ක්‍රිෂාන්ත නෝනිස්‌, ඔස්​ට්‍රේලියාවට සේනක වල්ගම්පාය, අද්මිරාල් තිසර සුගීස්‌වර සමරසිංහ, එස්‌. ස්‌කන්ධකුමාර්, ජපානයට අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, මහාචාර්ය ධම්මික ගංගානාත්, ප්‍රංශයට දයාන් ජයතිලක, කරුණාරත්න නාගහවත්ත, තිලක්‌ රණවිරාජා, බුද්ධි කේ. ආතාවුද, චීනයට කරුණාසේන කොඩිතුවක්‌කූ, ඉන්දියාව මහාචාර්ය සුදර්ශන සෙනෙවිරත්න, ඔස්‌ටින් ප්‍රනාන්දු සහ ස්‌විස්‌ටර්ලන්තයට තමරා කනගනායගම් යන අය ද වේ.

Leave A Reply

Your email address will not be published.

three × 1 =