කොරෝනා මළ සිරුරු භූමදානයට ඉරණතිව් වැසියෝ අද විරෝධතාවයක

ඊයේ කැබිනට් ප්‍රකාශකවරයා පැවසූ පරිදි කොරෝනා ආසාදිත මළ සිරුරු කිලිනොච්චිය ඉරණතිව් දූපතේ වළ දැමීමට රජය විසින් ගෙන ඇති තීරණයට එරෙහිව අද (03) දිනයේ දී ඉරණතිව් වැසියන් විරෝධතාවක් පැවත්වීමට සූදානමින් සිටින බවට දූපතේ පදිංචි වැසියන් පවසයි.

ඉරණතිව් වැසියන් යුද්දෙන් පසුව 2017 වසරේ දී දුෂ්කරතා රැසක් හමුවේ ඉරණතිව් දූපතේ පදිංචියට ගොස් ජීවත්වෙයි. මේ වන විට දූපතේ කිසිවෙකුටත් කොරෝනා අවදානමක් නොමැති බවත් එසේ තිබියදී ඉරණතිව් දුපතේ කොරෝනා ආසාදිත සිරුරු භූමදානයට ගත් තීරණයට දැඩි ලෙස තමන් විරෝධය පළ කරන බවත් එහි වැසියන් පවසති.

ඉරණතිව් දූපතේ පවුල් 165 ක් පමණ යුද්ධයෙන් පසු පදිංචිව සිටින අතර වරින් වර දූපතේ ජලය අඩුවැඩි වීම සිදු වන බව මෙහි වැසියන් පවසයි. මේ හේතුව ඉරණතිව් දූපතේ කොරෝනා සිරුරු භූමදානය කිරීම මගින් මගින් ජනතාවට වයිරසය ජලයට මුසු වීමේ අවදානමක් පවතින බව එම වැසියන් කියා සිටිති.

මේ අතරම එම වැසියන් පවසන්නේ මුස්ලිම් ජනතාව ජීවත් වන ප්‍රදේශයන් රටේ බොහෝ තිබියදී ඉරණතිව් දූපතේ සිරුරු වළ දැමීමට තමන් විරෝධය පල කරන අතරම අද ශ්‍රීලංකා මානව හිමිකම් කාර්යාලයටද පැමිණිළි කිරීමට තමන් බලාපොරොත්තු වන බවට ඉරණතිව් වැසියෝ පවසති.

Leave A Reply

Your email address will not be published.