O/L රාජකාරි ගුරුවරුන්ට කොරෝනා එන්නත නොදීම ගැන පැමිණිල්ලක්

සාමාන්‍ය පෙළ විභාග රාජකාරි කටයුතුවල නිරත නිලධාරීන්ට කෝවිඩ්-19 එන්නත ලබාදීමට කටයුතු නොකිරීම පිළිබඳ සොයා බලා සෞඛ්‍ය බලධාරීන්ට හා අධ්‍යාපන බලධාරීන්ට ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා ඊයේ (01 දා) මානව මහිමිකම් කොමිසමට පැමිණිලි කළ බව ලංකා ගුරු සේවා සංගමය සඳහන් කරයි.

සාමාන්‍ය පෙළ විභාග රාජකාරිවල නිරතවන කාර්යමණ්ඩලවලට කෝවිඩ් 19 එන්නත ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ විභාග දෙපාර්මේන්තුව හා තම සංගමය විශේෂ ඉල්ලීම් කර තිබූ බවද එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ ප්‍රකාශ කළේය.

මීට අමතරව විභාග කාර්යමණ්ඩලවලට කෝවිඩ්-19 එන්නත ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ගෙන්ද තම සංගමය ඉල්ලා සිටියත් සාමාන්‍ය පෙළ විභාග රාජකාරිවල නිරත පිරිස්වලට මෙතෙක් කෝවිඩ් – 19 එන්නත ලබාදීමට කටයුතු නොකළ බවද ඒ මහතා පවසා සිටියේය.

මේ නිසා විභාග රාජකාරිවල නිරත කාර්යමණ්ඩලවලට කෝවිඩ්-19 එන්නත ලබානොදීම පිළිබඳ සොයා බලා ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඊයේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බවද සඳහන් කළේය.

මීට අමරතව මේ මස 15 වැනිදාට පෙර සියලුම ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට හා අනධ්‍යයන කාර්යමණ්ඩලවලට කෝවිඩඩ්-19 එන්නත ලබාදෙන ලෙස බලධාරීන්ට උපදෙස් ලබාදෙන මෙන් මානව හිමිකම් කොමිසමෙන් ඊයේ ඉල්ලා සිටි බවද ලේකම්වරයා පැවසීය.

Leave A Reply

Your email address will not be published.