“කොවිඩ් මරණ භුමදානයට ඉරණතිව් තෝරාගැනීම ජාතිවාදයක් ඇතිවීමක්”

කැබිනට් තීරණයට අනුව කොරෝනා වයිරසය ආසාදනය වී මිය යන මුස්ලීම් ජාතිකයින්ගේ මෘතදේහ භුමිදානය සඳහා කිළිනොච්චිය ඉරණතිවු දුපත තෝරා ගැනීමේ තීරණය මගින් ජාතිවාදයක් ඇතිවිය හැකි යැයි ශ්‍රී ලංකා මුස්ලීම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සඳහන් කරයි.
ශ්‍රී ලංකා මුස්ලීම් කොංග්‍රස් නායකයා මේ බව පැවසුවේ අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදි කෙහෙළිය රඹුක්වැල්ල කළ දැනුම්දීම පිළිබඳව ප්‍රතිචාර දක්වමිනි.

රවුෆ් හකීම් පෙන්වා දෙන්නේ මෙම තීරණය මගින් කොරෝනා මරණ භූමදානය සම්බන්ධයෙන් රජය මීට පෙර ගෙන තිබු ස්ථාවරය නිවැරදි යැයි පෙන්වීමට උත්සහා ගෙන ඇති බවයි.

රජයේ තීරණයට ප්‍රතිචාර දක්වමින් දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් රජයේ මෙම තීරණය පිළිබඳව ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කිරීමේ අරමුණින් ආණ්ඩුව ඉරණතිව් දුපත හදුන්වා දී ඇති බවත් දෙමළ ජනතාව මේ සම්බන්ධයෙන් ඉතා අවබෝධයෙන් කටයුතු කළ යුතුව ඇති බවත්ය.

Leave A Reply

Your email address will not be published.