“මේ වන විට ආණ්ඩුව බිම්මට්ටමේ ජනතාවගේ පිළිකුලට ලක්වෙලා “

වර්තමාන’ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව මේ වන විට බිම්මට්ටමේ ජනතාවගේ පිළිකුලට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හබරාදුව ආසන බලමණ්ඩල රැස්වීම පෙරේදා පැවති අතර ඒ සඳහා හබරාදුව ප්‍රදේශය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්පක්‍ෂ මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ට ආරාධනා නොකර තිබීම කාගේත් කතාබහට ලක්විය. ඒ සඳහා රමේෂ් පතිරණ, මොහාන් පී. සිල්වා හා නිපුන රණවක යන මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පමණක් පවත්වන ලදී.
එම සිදුවීමට පිළිතුරු බඳිමින් ගාල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් චන්දිම වීරක්කොඩි වැඩිදුරටත් කියා සිටියේ, වර්තමානය වන විට සමස්ත ජනතාවම ආණ්ඩු පෙරළියකට පවා පෙළගැහෙමින් සිටින බවය.

“පොහොට්ටුවට අපි අවශ්‍ය නැහැයි කියලා මේ විදියට දිගින් දිගටම ප්‍රකාශ වෙනවා. හැබැයි පොහොට්ටුව කියන්නේ බොහෝම පටු විදියට හිතන දේශපාලන පක්ෂයක් වුණෝතින් ඒකෙන් ජනතාව ඈත්වේවි. අවුරුදු 5කට බලය දුන්නැයි කියලා ජනතාවගේ සිතුම් පැතුම්වලට එරෙහිව අපි කටයුතු කළ යුතුද යන ප්‍රශ්නය අහන්න මම කැමතියි. මේ මොහොතේ ආණ්ඩුව ජනප්‍රිය ආණ්ඩුවක් නෙමෙයි කියන එක අපි තේරුම් ගන්න ඕනේ. අද ජනතාව රජය සහ පොහොට්ටුව වැළඳගෙන නෙමෙයි ඉන්නේ කියලා. ජනතාව බිම් මට්ටමෙන් අපිව පිළිකුල් කරන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. පොහොට්ටුව හැටියට තේරුම් ගන්න ඕනේ අද මං හිතන්නේ සියලු බලවේග පෙළගැහෙමින් ඉන්නේ පක්ෂ නෙමෙයි ආණ්ඩුවත් තල්ලු කරන්න. “ යනුවෙන් චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා පැවසීය.

හබරාදුව ආසන බලමණ්ඩල රැස්වීම

Leave A Reply

Your email address will not be published.