2024 ජනාධිපතිවරණයට යළිත් ට්‍රම්ප් ?

තමන් රිපබ්ලිකන් පක්ෂයෙන් වෙන්ව වෙනත් පක්ෂයක් නිර්මාණය කරන්නට යන බවට පළවන ප්‍රචාර, ව්‍යාජ පුවත් බව ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

එමෙන්ම 2024 දී නැවත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම පිළිබඳ සලකා බලන බව ද ඔහු කියා සිටී.

නව ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පාලනය යටතේ ඉන්ධන මිල අහස උසට නගිනු ඇති බව ද ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

ඇමරිකාවේ කන්සර්වේටිව් දේශපාලන ක්‍රියාකාරීත්ව සමුළුව (CPAC) අමතමින් ඔහු මේ අදහස් දක්වා ඇතැයි අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර ඇත.

Leave A Reply

Your email address will not be published.