විශ්වාසභංගයේදී දුන්න කප්පම් මෙන්න

15

ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය පාර්ලිමේන්තුව තුළ දිනා ගැනීම සඳහා තමන්ට පක්ෂව ඡන්දය ලබාගැනීමට ආණ්ඩුව විසින් සැලකිය යුතු ‘කප්පම්’ ප්‍රමාණයක් ලබා දී ඇතැයි මේ වන විටත් හෙළිවෙමින් තිබේ. අවසන් ඡන්ද විමසීමේදී ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 92ක් ලැබී තිබිණි. ඊට එරෙහිව ආණ්ඩුවට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 119කි. මේ අතර විශ්වාසභංගයට පක්ෂව හෝ විරුද්ධව ඡන්දය භාවිත නොකළ මන්ත්‍රී සංඛ්‍යාව 13කි. කෙසේ වෙතත් අවසන් අවස්ථාව දක්වා ආණ්ඩුව විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්ද එකතු කිරීමේ මෙහෙයුමක යෙදී තිබිණි.

අවසන් වූ විශ්වාසභංග යෝජනාවේදී ටීඑන්ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඡන්දය පැවැත්වූ 11 වන දින උදෑසන දක්වා අවසන් තීරණයක් ගෙන නොතිබිණි. ඔවුන් සිය මන්ත්‍රීවරු 14 දෙනාගේ ඡන්දය ආණ්ඩුවට පක්ෂව, යෝජනාවට විරුද්ධව ලබා දීමට කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කර ඇත. විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිරට දෙමළ ජනතාවට අදාළ පශ්චාත් යුද අවශ්‍යතාවන් සඳහා ආණ්ඩුවේ කඩිනම් මැදිහත්වීම ඔවුන්ගේ ප්‍රමුඛ ඉල්ලීම විය. ඡන්දයට පෙර සිටම ටීඑන්ඒ නියෝජනය කරන එක් දේශපාලන පක්ෂයක් වන ඊපීආර්එල්එෆ් පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබුණේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ටීඑන්ඒ පාර්ලිමේන්තු කණ්ඩායම ඡන්දය දිය යුතු බවයි.

ආණ්ඩුවට විරුද්ධව ගෙන ආ සෑම ක්‍රියාමාර්ගයකින්ම ආණ්ඩුව ආරක්ෂා කරගනු ලැබුවේ දෙමළ ජාතික සන්ධානය බව ඔහු පවසා ඇත. විශේෂයෙන් විශ්වසභංගයෙන් ආණ්ඩුව බේරගන්නට පෙර අඩුම තරමින් ආණ්ඩුව මිලියන 2900ක් වෙන්කරමින් උතුරු නැගෙනහිර පළාත්වල බෞද්ධ විහාර ඉදිකරමින් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය මුවාවෙන් මුලතිව් දිස්ත්‍රික්කයම බෞද්ධ ප්‍රදේශයක් කිරීමේ රජයේ උත්සාහය වහාම නැවැත්විය යුතු බවට රජයෙන් පොරොන්දුවක් ගත යුතුයයි ඔහු පවසා තිබේ. මේ සඳහා ආණ්ඩුව සහ ටීඑන්ඒ සංවිධානය අතර එකඟතාව ඇති කිරීමට මෙරට තානාපති කාර්යාලයක් රාජ තාන්ත්‍රික මට්ටමින් මැදිහත්ව ඇත. කලාපීය දේශපාලනයට අදාළ සිය අවශ්‍යතාව අනුව වූ මේ මැදිහත්වීමට එකඟ වීමට ටීඑන්ඒ කණ්ඩායමට සිදුව තිබුණේ ආණ්ඩුවට පක්ෂව ඡන්දය දීමයි. ඒ සඳහා දේශපාලන සහ ආර්ථීක සහය ටීඑන්ඒ වෙත ලබා දීමට ආණ්ඩුව එකඟ වී තිබිණි.

මේ අතර තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීධුර දරන ඒ.එච්.එම්. ෆවුසි, විජිත් විජයමු‚ සොයිසා, පියසේන ගමගේ යන අයට මීළඟ මහමැතිවරණයේදී එජාප ආසන සංවිධායක ධුර ලබාදීමටත් එකඟ වී තිබි‚. ඒ අතර ෆවුසි මන්ත්‍රීවරයාගේ පුත් නව්සර් ෆවුසි වෙත ආයතනයක ඉහළ නිලයක් ලබා දීමටත් එකඟව ඇත.

ආණ්ඩුවට එකඟ නැති බව පුන පුනා කියන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විශ්වාසභංගය පවතින දෙදිනේම දිවයිනේ නොසිටියේය. ඔහු විශ්වාසභංගයේදී සිය ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙහෙයවීම වෙනුවට සිය පුත් දහම් සිරිසේනගේ උපාධි ප්‍රදානෝත්සවයට යයි කියමින් විදේශගතව ඇත. විදේශයක සිට හෝ විශ්වාසභංගයේදී සිය කණ්ඩායමට උපදෙස් දීම ඔහු විසින් මඟහැර ඇති බව වාර්තා විය.

මේ අතර පසුගිය මැයි 21 වන දින විශ්වාසභංගය කතානායක වෙත ලබාදුන් අවස්ථාවේ සිට ආණ්ඩුවේ ඉහළ පෙළේ කණ්ඩායමක් චීන, ඉන්දීය සහ ඇමෙරිකානු තානාපති කාර්යාල හරහා සියුම් මෙහෙයුමක් දියත් කර තිබි‚. ඒ හරහා ආණ්ඩු පක්ෂයේම සිටි වැනෙන සුළු මන්ත්‍රීවරුන් පිරිසක් අමතමින් ඔවුන්ගේ දේශපාලන අනාගතය උදෙසා විවිධ අවස්ථාවන් ලබා දීමටත් ඊට හිලව් ලෙස විශ්වාසභංගයේදී ආණ්ඩුවට පක්ෂව ඡන්දය දීමටත් එකඟ කරවාගෙන ඇත. මේ අතරින් මන්ත්‍රීවරු දෙදෙනකුගේ දරුවන් දෙදෙනකුට විදේශ අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමටත් පොරොන්දු වී තිබේ.

Previous articleප්‍රහාරය පිටුපස අයි.එස්. සංවිධානය නැහැ – දයාසිරිගෙන් අලුත් කතාවක්
Next articleඅප්‍රේල් 21 ප්‍රහාරය – ජනපති (පළමු වගඋත්තරකරු) කොස් ඇට බා ගනියිද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here