ඊයේ කොවිඩ් මරණ 7ක්, සමස්ථ මරණ 471යි
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙරට තවත් පුද්ගලයන් 7 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (28) තහවුරු කළේය.
මේ සමඟ වයිරසය ආසාදනය වීමෙන් මෙරට මියගිය සංඛ්‍යාව 471 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මියගිය පිරිස කුරුණෑගල, අනුරාධපුර, ගම්පහ, කොළඹ 05, රුක්ගහවිල, දෙමළගම, පන්නිපිටිය යන ප්‍රදේශ වළ පදිංචිකරුවන්ය.