“ඩෝසරයට එරෙහිව” බිච්චියකුලම් වැව අසල

සමන්ත විද්‍යාරත්න ප්‍රධානත්වයෙන් ඊයේ (27) අනුරාධපුර කූබිච්චියකුලම් වැව අසල පැවති “ඩෝසරයට එරෙහිව” මහජන සම්මන්ත්‍රණයට පරිසරප්‍රේමී ජනතාව විශාල පිරිසක් එක්ව සිටියේය. මෙහිදී අදහස් දැක්වූ ජවිපෙ මධ්‍යම කාරක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න
” කාගෙන් හරි ඇහුවොත් ඔබ ජීවත් වෙන්නෙ කොහොමද කියලා ඔහු තමුන් කරන රක්ෂාව කියලා ඒකෙන් තමා මම ජීවත් වෙන්නෙ කියලා කියනවා. ඒත් , අපි ජීවත්වන්නෙ සොබාදහම නිසා කියලා නම් කවුරුත් කියන්නෙ නෑ!
ජලය,තෙල්,ගල් අඟුරු ,ඔක්සිජන් , ගහ, කොල, නැත්නම් අපිට ජීවත් වෙන්න විදියක් නෑ.
එක් පුද්ගලයෙක් දිනකට ජලය ලීටර් 2.5 ක් පානය කරනවා. අපි කුඩාකාලෙ ඇලේ දොලේ වක්කඩේ වතුර බිව්වා.
ට්ක කාලයක් යනවිට ඒ ජලයට රසායනික ද්‍රව්‍ය එකතුවෙලා අපිරිසිදු වෙලා අපට බොන්න බැරුව ගියා.
ඊට පස්සෙ බිව්වෙ ලිංවල ජලය ඊට පස්සෙ අදවනවිට ලිංවල ජලයත් බොන්න බැරිවෙලා.
ඉලඟට බැලුවොත් අද අපි පානය කරන ජල සම්පාදන මණ්ඩලයේ නල වතුර පවා අද අපිරිසිදු වෙලා.
බහුජාතික සමාගම් වලින් නිපදවපු වතුර පිල්ටර් පවා දැන් අනුරාධපුර,පොලොන්නරුව ,මහියංගණය ,පුත්තලම වගේ හුඟක් තැන්වල නිවෙස් වලට ඇවිල්ලා.
මීට අවුරුදු 50 කට 60ක.ට කලින් නම් කවද හරි අනාගතයේ වතුර මිලදී ගන්න වෙනවා කියද්දි ඒ කාලේ මිනිස්සු හිනාවෙලා තියෙනවා.
ඒත් අද අපිට වතුරත් සල්ලි වලට ගන්න වෙලා.
තව වසර 50ක් 60ක් යනකොට මේ විදියට පරිසරය විනාශ කරගෙන ගියොත් නම් අපිට අනිවාර්යයෙන්ම ඔක්සිජනුත් මිලට ගන්න සිදුවේවි!””
ජවිපෙ මධ්‍යම කාරක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ඊයේ (27) අනුරාධපුර කූබිච්චියකුලම් වැව අසල පැවති ඩෝසරයට එරෙහිව මහජන සම්මන්ත්‍රණයේදී මෙම අදහස් පළකළේය. මෙහිදී සමස්ත ලංකා ගොවි සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්නද අදහස් දක්වන ලදී.

Leave A Reply

Your email address will not be published.