යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 52 කට කොවීඩ් ආසාදනයවේ

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 52 දෙනෙකු කොවීඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි යාපනය පොලීසිය පවසයි.

යාපනය බන්ධනාගාරයේ රැඳවියන් 150 දෙනෙකු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයන්ට අනුව ඉන් 52 නෙකු මෙලෙස කොවීඩ් වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. යාපනය ශික්ෂණ රෝහල මගින් පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කර යාපනය විශ්ව විද්‍යාලයේ රසායනාගරයේ දී මෙම පී.සී.ආර්. පරික්ෂණ සිදුකර තිබේ.

ආසාදිතයින් සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින් හඳුනා ගනිමින් ඔවුන් ද නිරෝධායනය කර ඇති බව යාපනය බන්ධනාගාර නිලධාරීන් පවසයි.

Leave A Reply

Your email address will not be published.