කොරෝනා සිරුරු භූමදානය තවත් කල්යයි

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය යන අයගේ (විශේෂයෙන් මුස්ලිම් ජාතිකයන්ගේ ) සිරුරු භූමදානය කිරීමට රජය ඊයේ (25) අවසර දුන් නමුත් එය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් සතියක් පමණ යන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. එම සිරුරු භූමාදානයට අවසර දෙන බවට නිර්දේශිත ගැසට් පත්‍රය ඊයේ (25) රාත්‍රියේ ප්‍රකාශයට පත්කළ නමුත් ඒ සඳහා අදාළ කොන්දේසි සහ රෙගුලාසි මේ වන තුරුත් නියම කර නොතිබීම එයට හේතුවයි.

මේ සඳහා කොන්දේසි සහ රෙගුලාසි මොනවාද යන්න සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (27) පැවැත්වීමට නියමිතය.

මේ අතර කොරෝනා ආසාදිත සිරුරු භූමදානය කරන්නේ නම් ඒ සඳහා ජන ශූන්‍ය ප්‍රදේශයක් තෝරාගෙන, රජයේ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්‍ෂණය ඇතිව, සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බවයි.

Leave A Reply

Your email address will not be published.