කොවිඩ් මරණ භූමදානයට අවසර – ගැසට් නිවේදනය නිකුත් කරයි !

කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ මළ සිරුරු භූමදානය කිරීමට රජය අවසර ලබා දී තිබේ.

මීට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය මීට සුළු මොහොතකට පෙර නිකුත් කෙරිණි. නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ 2 සහ 3 වගන්ති යටතේ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිට පැවරී ඇති බලතල අනුව, අංක 2216/38 දරන මේ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

‘එහි මෘත දේහය ආදාහනය කිරීම යන වචනය වෙනුවට මෘත දේහය ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම ලෙස’ යනුවෙන් ගැසට් නිවේදනයේ නියෝගවල සදහන් වේ.

අද (25) පස්වරුවේ ජනාධිපති කාර්‍යාලයේ පැවති රැස්වීමකින් පසු මේ තීරණය ගෙන ඇත. පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසු මේ තීරණය ගැනීමත්, ඔහු විසින් ලංකාවෙන් පිටවීමට පෙර මේ සම්බන්ධයෙන් ඉගියක් පළකොට තිබීමත් කතාබහට ලක්විය.

Leave A Reply

Your email address will not be published.