ශ්‍රීලනිපය පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ප්‍රතික්ෂේප කරයි

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මාධ්‍යට පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව එම තීරණය ගෙන ඇති බවද ඔහු පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නැවත පත්කිරීමට එම පක්ෂයේ විධායක සභාව අද (25) තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව තීරණයට අනුව පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස රාජ්‍ය අමාත්‍ය, දයාසිරි ජයසේකර පත් කර තිබේ.
ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූර සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ අමාත්‍ය මහින්ද අමරවීර පත්විය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව අද පස්වරුවේ රැස් වූ අවස්ථාවේ මෙම තීරණයන්ට පැමිණ ඇත.

Leave A Reply

Your email address will not be published.