ශ්‍රීලනිප නිලධාරීන් තෝරා ගැනීම අද; මෛත්‍රීපාල යලි සභාපති ධුරයට

පක්‍ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හා මහ ලේකම් ඇතුළු නව නිලධාරි මණ්ඩලය පත් කිරීම අද (25) සිදු කිරීමට නියමිතය.

ශ්‍රීලනිප විධායක මණ්ඩල රැස්වීමේදී මෙම නව නිලධාරීන් පත් කිරීමට නියමිත අතර එහිදී පක්ෂ සභාපති ධුරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනම පත්වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ පක්ෂ මූලස්ථානයේදී රැස් වූ අතර එහිදී පාස්කු කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය අද (25) පැවැත්වෙන විධායක සභාවට දැනුම්දෙන බව මෛත්‍රීපාල සිරිසේන දැනුම් දී තිබිණි.

Leave A Reply

Your email address will not be published.