පාකිස්තානයේ උපදේශිකාවන් සිව්දෙනෙකු ඝාතනය කරයි !
පාකිස්තානයේ උතුරු වසිරිස්තානයේ මිරාලි ප්‍රදේශයේදී කාන්තා වෘත්තීය පුහුණු උපදේශිකාවන් සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
අදාළ උපදේශිකාවන් සිව්දෙනා ප්‍රදේශයේ කාන්තාවන්ගේ ජීවන තත්වය නගා සිටුවීම සඳහා පැවැත්වෙන විවිධ වෘත්තීය පුහුණු වැඩසටහන්වලට සම්බන්ධ වී සිටි පිරිසක් බව සඳහන් වේ.
මුහුණු වසාගෙන පැමිණි පිරිසක් අදාළ උපදේශිකාවන් ගමන්ගත් රථයට වෙඩි තබා මෙම කාන්තාවන් ඝාතනය කර ඇති අතර, එහි රියදුරා තුවාල ලබා බේරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කාන්තා වෘත්තිකයන් ඉලක්ක කරගෙන මෙම ප්‍රදේශයේ දී ප්‍රහාර එල්ලවීම සිදුවන බවත්, පසුගිය සැප්තැම්බරයේ දී කාන්තා සෞඛ්‍ය සේවිකාවක ද ඝාතනයට ලක්ව ඇති බවත් අදාළ වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.