ආවේක්ෂණ ප්‍රාග්ධනය නමින් එන මානව දත්ත මංකොල්ලය

Surveillance Capital නැතිනම් ආවේක්ෂණ ප්‍රාග්ධනය යන වාක්‍ය ඛණ්ඩය ඔබ ඇතැම් විට අසා නොතිබෙන්නට පිළිවන්. නමුත් මේ වන විට ලෝකය තුළ මේ පිළිබඳව වන නව කතිකාවක් නිර්මාණය වී තිබෙනවා. ගූගල්, ෆේස්බුක්, ඇමේසන් වැනි ඩිජිටල් තාක්ෂණ සමාගම්වල දියුණුවත් සමඟ ලෝකය තුළ මිනිසා සහ ඔහුගේ පෞද්ගලිකත්වය, චර්යාවන් මෙන්ම පොදුවේ මානව සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදයත් සිය ඉතිහාසයේ දරුණුම අභියෝගයට මුහුණ දී සිටින තත්ත්වයක් මේ වන විට දැකිය හැකියි.

මේ පිළිබඳව මෑතකදී පළමුවරට අදහස් පළ කරන ලද්දේ ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක වන ශෝෂානා සුබොෆ් විසින්. ඇය ඒ පිළිබඳව මුල් වරට සිය අදහස් පළ කර තිබෙන්නේ 2014 දී. නමුත් 2019 වසරේදී ඇය විසින් රචනා කරන ලද ‘The Age of Surveillance Capitalism ’ ග්‍රන්ථය තුළ වත්මන් ධනවාදයේ නිරුවත් බව හෙළි කරමින් ව්‍යාපාරික ආකෘතීන් උපායමාර්ගික ලෙස වෙනස් කරගෙන තිබෙන ආකාරය හෙළි කරනවා. ‘ආවේක්ෂණ ධනවාදය’ ලෙස ඇය විසින් හඳුන්වන ප්‍රාග්ධන සමුච්චනයේ නව ස්වරූපයක් මෙම ආවේක්ෂණ ප්‍රාග්ධනය විසින් නියෝජනය කරන බව පැහැදිලියි.

ඔබගේ කැමති අකැමැති තත්ත්වයන්, අගැයුම්, ආකල්ප, සිතුම් පැතුම්, විශ්වාස, ආශාවන්, අදහස්, ලයිෆ් ස්ටයිල් එක, මෙකී නොකී ඔබේ මනෝවිද්‍යාත්මක කරුණු සියල්ල ඔවුන් එක් දත්ත බැංකුවකට ලබා ගන්නවා. ඔබ නිර්මාණය කරන පෝස්ට්, බලන, ෂෙයාර් කරන, ෆීඩ් බැක්ස් ලබා දෙන ආකාරය, ලයික් දාන, රියැක්ට් කරන විදිහ ආදියෙන් තමයි මේ සියලු දත්ත ඔවුන් එක් රැස් කරන්නේ. ඒ හරහා ඔබ කුමන පුද්ගලයෙක්ද යන්න ඔවුන් හරියටම දැනගන්නවා.

ඩිජිටල් තාක්ෂණ සමාගම් සිය පරිශිලකයන්ගේ පෞද්ගලික දත්ත ලබා ගන්නා බව නොරහසක්. එමගින් ඔවුන් සිදු කරන්නේ සිය පරිශිලකයන් ගේ හැසිරීම හඳුනා ගෙන ඔවුන් පිළිබඳව පුරෝකථන සිදු කිරීම සහ ඔවුන්ගේ චර්යාවන් වෙනස් කිරීමයි.

මේ සමාගම් මෙම දත්ත ආවේෂණයට කියන්නේ Digital Analytics නැතිනම් ඩිජිටල් විශ්ලේෂණය කියලා. තවත් සංයුක්ත සහ පැහැදිලි ලෙස මේ කරුණ ගැන කියනවා ඔබ ගූගල් ගිණුමක් හෝ ෆේස්බුක් ගිණුමක් භාවිතා කරන්නේ නම් අදාළ සමාගම් පළමුව ඔබගේ සියලුම පෞද්ගලික ජීව දත්ත නැතිනම් Demographic Data ලබා ගන්නවා. උපන් දිනය, ඒ අනුව වයස, උපන් ස්ථානය, ස්ත්‍රී පුරුෂභාවය, ආගම, පදිංචි රට, ප්‍රදේශය සහ පදිංචි ස්ථානය, එහි ලිපිනය, ඇතැම් අවස්ථාවල ඔබගේ මවුපියන් පිළිබඳව වන පෞද්ගලික දත්ත, අධ්‍යාපනයට අදාළ තොරතුරු, අධ්‍යාපනය ලැබූ හෝ ලබන ස්ථාන, අධ්‍යාපන මට්ටම, රැකියාව, රැකියාව සිදු කරන ස්ථානය, ආදායම් හෝ ආදායම් මට්ටම, ආදී ඔබගේ සමස්ත ජීව දත්ත පද්ධතියම ඔබ නොදැනුවත්වම ඔවුන් එකතු කරනවා.

එමෙන්ම මෙම දත්තවල කිසියම් වෙනසක් සිදු වෙනවා නම් එයත් ඔබ ක්ෂණයකින් යාවත්කාලීන කරනවා. නිදසුනක් ලෙස රැකියාව වෙනස් කරයි නම් එය ඔබ ෆේස්බුක් ගිණුමේ යාවත්කාලීන කරනවා. මෙහි අර්ථය ඔබගේ අතිශය පෞද්ගලික ජීවිතයට අදාළ සියලුම දත්ත ඔවුන් සතුව තිබෙනවා පමණක් නොවෙයි ඒවායේ සිදු වන කාලීන වෙනස්කම් ඔබ විසින්ම යාවත්කාලීන කර ඔවුන්ට ලබා දීමයි. ඔබ පිළිබඳව අංගසම්පූර්ණ ජීව දත්ත වාර්තාවක් අඩුම ගාණේ ඔබ සතුවවත් තිබෙනවාද? නැහැ. නමුත් ෆේස්බුක් සමාගම සතුව, ගූගල් සමාගම සතුව ඒ ගොනුව තිබෙනවා. කොටින්ම ඔබ ගැන ඔබට වඩා හොඳට ඔවුන් දන්නවා.

අනෙක් පසින් මෙම සමාගම් විසින් ඔබට අදාළ භූගෝලීය දත්ත සියල්ල රැස් කරනවා. අපි මේකට කියන්නේ Demographic Data. ඒ අනුව ඔවුන් ඔබගේ පදිංචි රට, පළාත, දිස්ත්‍රික්කය, ග්‍රාම නිලධාරී වසම, තැපැල් කාර්යාලයට යනකම් සියලුම විස්තර ලබා ගන්නවා. ඒ විතරක් නෙමෙයි ඇතැම් විට ඔබ ජීවත්වන ප්‍රදේශය ආගමික හෝ සංස්කාතික පදනමක් ඇත්නම් එයත් ලබා ගන්නවා.

අනෙක් පසින් ඔබ ගමන් කරන ප්‍රදේශ සහ ස්ථාන පිළිබඳව නිරන්තරයෙන්ම තොරතුරු ඔවුන් ආවේක්ෂණය කරනවා. කොටින්ම ඔබගේ සියලුම සංචරණයන් ඔවුන් රැස් කරනවා. ඇතැම් අය විශ්වාස කරනවා ෆෝන් එකේ සිම් එක අක්‍රියව ඇති හෝ දුරකථනය අන්තර්ජාලයට සම්බන්ධව කර නැති අවස්ථාවල එලෙස යන එන තැන් ගැන තොරතුරු ලබා ගත නොහැකි බව. නමුත් එය සම්පූර්ණයෙන්ම වැරැදියි. 2018 වසරේදී ඇමෙරිකාවේදීම එරට ෆොක්ස් නිව්ස් ආයතනය එය ඔප්පු කර පෙන්වා තිබෙනවා.

ඔබගේ දුරකථනය තුළ ගූගල් සමාගම පළමුව සිදු කරන්නේ ඔබ ගැන ඔත්තු බැලීමට රහස් ඔත්තුකරුවකු ඇතුළු කිරීමයි. ඇතැම් විට කිහිප දෙනෙක්. කුකිස් ලෙස මෙම ඔත්තුකරුවන් හඳුන්වනවා. ඊට අමතරව වෙනත් තාක්ෂණික උපාය දූතයන්ද යොදවනවා. මෙම කුකීස් හෝ වෙනයම් දත්ත ආවේක්‍ෂණ පද්ධතියක් මගින් රැස් කරන දත්ත ඒ මොහොතේම චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ගූගල් සර්වරයට යොමු කරනවා. ඒ නිසා ඕනෑම අවස්ථාවක ඔබේ භුගෝලීය දත්ත සහ සංචරණයන් ස්ථානීය ඡායාරූපද සහිතව ඔවුන් ලබා ගන්නවා.

ඔබ දුරකථනය ක්‍රියා විරහිත කළත් එහි මෙහෙයුම් පද්ධතියේ ඇතැම් කොටස් සක්‍රියව පවතිනවා. අමතක කරන්න එපා ලෝකයේ වැඩිම භාවිතයක් සහිත ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය අයිති ගූගල් සමාගමට.

අනෙක් පසින් ඔබට අදාළ මනෝවිද්‍යාත්මක තොරතුරු නැතිනම් Psychographic Data සියල්ලද ඔවුන් සොරකම් කරනවා. ඔබගේ කැමති අකැමැති තත්ත්වයන්, අගැයුම්, ආකල්ප, සිතුම් පැතුම්, විශ්වාස, ආශාවන්, අදහස්, ලයිෆ් ස්ටයිල් එක, මෙකී නොකී ඔබේ මනෝවිද්‍යාත්මක කරුණු සියල්ල ඔවුන් එක් දත්ත බැංකුවකට ලබා ගන්නවා. ඔබ නිර්මාණය කරන පෝස්ට්, බලන, ෂෙයාර් කරන, ෆීඩ් බැක්ස් ලබා දෙන ආකාරය, ලයික් දාන, රියැක්ට් කරන විදිහ ආදියෙන් තමයි මේ සියලු දත්ත ඔවුන් එක් රැස් කරන්නේ. ඒ හරහා ඔබ කුමන පුද්ගලයෙක්ද යන්න ඔවුන් හරියටම දැනගන්නවා.

නිදසුන් ලෙස ඔබ Innovator කෙනෙක්ද Thinker කෙනෙක්ද? Achiever කෙනෙක්ද? Believer කෙනෙක්ද? Hard worker කෙනෙක්ද ආදී වශයෙන් සියලුම තොරතුරු ඔවුන් හඳුනා ගන්නවා. අනෙක් පසින් ඔවුන් ඔබගේ චර්යාවන්ට අදාළ තොරතුරු  නැතිනම් Behavioral Data ද ලබා ගන්නවා. ඒවා ලබා ගන්නේ ඔබ අදාළ ෆ්ලැට්ෆෝම්වල සිදු කරන දේ ඇසුරින්. ඒ අනුව ඔබගේ Shopping habits – Browsing habits – Clicking habits – Watching habits – Reactions habits – Sharing habits ආදිය මගින් ඔබගේ චර්යාව නිවැරැදි ලෙස ග්‍රහණය කර ගන්නවා. ඒ අනුව මෙම ඩිජිටල් සමාගම් සතුව සිය පරිශිලකයන්ගේ සමස්ත දත්ත පද්ධතියක් තිබෙනවා (Data Bank).

මෙලෙස රැස් කර තිබෙන තොරතුරු දැන් ඔවුන්ට ප්‍රාග්ධනයක්. ඒකයි මේකට Surveillance Capital කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් මෙම දත්ත හිමිකම විසින් විශාල ආර්ථික හා සමාජ බලයක් ඒ සමාගම් වෙත නිර්මාණය කර තිබෙන අතර එය යොදා ගනිමින් සහ වෙනත් පාර්ශ්ව වෙත අලෙවි කරමින් ඔවුන් මුදල් උපයනවා. නැතිනම් ප්‍රාග්ධනය සමූච්ඡනය සිදු කරනවා. විශේෂයෙන් ලෝකයේ ව්‍යාපාරික සමාගම් අතර ඉලක්කගත අලෙවිකරණයට සහ ඉලක්ක ගත වෙ‍ෙළඳ දැන්වීම්කරණයට (Target marketing & Target Advertising) විශාල ඉල්ලුමක් ඇති වෙලා. ගූගල්, ෆේස්බුක් වැනි සමාගම් සිදු කරන්නේ තමන් විසින්ම නිර්මාණය කරන ලද මෙම අවකාශය සිය ප්‍රාග්ධන අවශ්‍යතාව සඳහා යොදාගැනීමයි. මේ නිසා අද සිදුව තිබෙන්නේ පෞද්ගලිකත්වය මුළුමනින්ම අහිමි වී යාමයි. එමෙන්ම උපායශිලී ලෙස අපගේ චර්යාවන්, සිතුම් පැතුම් වෙනස් කිරීමටත්, ඔවුන් කියන භාණ්ඩ හා සේවා මිලදී ගැනීමටත් අපව යොමු කරමින් සිටිනවා.

ඒ විතරක් නෙමෙයි බොහෝ අවස්ථාවල රට රටවල දේශපාලන බලයන් හැසිරවීම සඳහාද මෙම Surveillance Capital එක භාවිතා කරනවා. බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාවේ ප්‍රධාන මැතිවරණවලදී මෙම Digital Analytics යොදා ගන්නා බව පසුගිය කාලය තුළ හෙළි වුණා. ඒ නිසා මේ වන විට සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ද දැඩි අවදානමකට ලක්ව තිබෙනවා●

 

අනුහස් බණ්ඩාර
Leave A Reply

Your email address will not be published.