වැවිලි සංස්ථාව තේ වෙනුවට ටර්පන්ටයින් වවයි
මහනුවර දිස්ත්රික්කයේ මැදදුම්බර ප්රාදේශීය ලේකම් කාර්යාලයට අයත් මැද මහනුවර වුඩ් සයිඩ් වතුයායේ තේ පැල ඉවත්කරමින් ටර්පන්ටයින් පැල වගා කර ඇතැයි වාර්තා වේ.
එහෙත් මීට පෙර රාජ්ය වැවිලි සංස්ථාව වතු සේවක ජනතාවට පොරොන්දු වී ඇත්තේ ටර්පන්ටයින් වගාව ඉවත් කර තේ වගාව ආරම්භ කරන බවයි.
දුම්බර කඳු මිටියාවතේ කඳු මුදුන්වල සිදුකර ඇති පයිනස්, ටර්පන්ටයින් වගාව නිසා ජල පෝෂක විනාශ වී ඇතැයිද එම හේතුවෙන් පහළ ගම්මානවල කුඩා තේ වතු රැසක් විනාශ වෙමින් පවතින බවද එම ගම්මානවල ජනතාව පවසති●