19 අහෝසි කරන්න අධිකරණයට යන්න නැකතකුත් බලලා

19 වන සංශෝධනය නීතිවිරෝධී බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලමින් එළඹෙන 11 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට සූදානමක් ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් සඳහන් කරයි. ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මෙම කටයුත්ත සිදු වන බවත් බ්‍රහස්පතින්දා (11) දිනයේ ඒ සඳහා සුබ නැකතක් බලා ඇති බවට තොරතුරු ඇති බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් කතානායකවරයා අත්සන යෙදූ පසු එම නීතිය සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයකට ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිදු බලයක් නැති බව ද ඔහු සඳහන් කළේය. නමුත් යම් ලෙසකින් 19 සංශෝධනය අහෝසි කළහොත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටද නැවත ජනාධිපතිවරණයට තරග කිරීමේ අවස්ථාව ලැබෙන බව ද ඔහු කියා සිටියේය.

ඔහු මේ අදහස් පල කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බව ජනාධිපතිවරයා මීට දින කිහිපයකට පෙර ප්‍රකාශ කළ අතර ජනාධිපති අපේක්ෂකයෙකුව සිටියදී ප්‍රකාශ කළේ විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බවයි.

Leave A Reply

Your email address will not be published.

sixteen + 1 =