ඉදිරි මාස 03 ක කාලය තුළ ඉන්ධන මිළ ඉහළ දැමීමට රජය සූදානමක් නැහැ- බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවේදී පවසයි
ඉදිරි මාස 03 ක කාලය තුළ ඉන්ධන මිළ ඉහළ දැමීමට රජය් සූදානම් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ යොමුකළ ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව පැවසීය.
2019 වසරේ සැප්තැම්බර් මාසයේදී යහපාලන රජය අවසන් වරට ඉන්ධන මිල ඉහළ නංවා ඇති අතර, වත්මන් රජය යටතේ මෙතෙක් ඉන්ධන මිළ ඉහළ නංවා නොමැති බවද අමාත්‍යවරයා කීවේය. ජාත්‍යන්තර වෙළද පොළේ ඉන්ධන මිළ ද මේ වන විට ඉහළ ගොස් තිබේ. එහෙත් වර්තමානයේදී ඉන්ධන මිළ පාලනය කිරීමට රජය කටයුතු කර ඇතැයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
ඉන්දියාවට පවරා දී ඇති ත්‍රිකුණාමලය තෙල් ටැංකි නැවත අත්පත් කර ගැනීමට කටයුතු කරන්නේද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මෙහිදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් ප්‍රශ්න කළේය.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි 100 ම ඉන්දියාවට ලබාදීමට යහපාලන රජය කටයුතු කළ බවත්, වර්තමාන රජය ඉන්දියාව සමඟ සාකච්ජා කර එම තෙල් ටැංකිවලින් බහුතරයක් ඛණිජ තෙල් සංස්ථාවට ලබාගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීවේය. ඉතිරි තෙල් ටැංකි ඉන්දියානු තෙල් සමාගමෙන් පාලනය වන බවත් හෙතෙම සඳහන් කළේය. මේ සම්බන්ධව සිංහල භාෂාවෙන් තමා කළ කථාව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමේදි එක් මාධ්‍ය ආයතනයක් විසින් වරද්දා තිබූ බවද අමාත්‍යවරයා කීවේය.
Trending
- හිස නොමැති කාන්තා මළ සිරුර – සැකකාර එස්.අයි. මියයයි
- කොරෝනා මළ සිරුරු භූමදානයට ඉරණතිව් වැසියෝ අද විරෝධතාවයක
- “එන්නත් ක්‍රියාවලියට දේශපාලඥයින්ගේ බලපෑම් නතර නොකලොත් වෘත්තීය ක්‍රියාමාර්ග” -PHI
- O/L රාජකාරි ගුරුවරුන්ට කොරෝනා එන්නත නොදීම ගැන පැමිණිල්ලක්
- “කොවිඩ් මරණ භුමදානයට ඉරණතිව් තෝරාගැනීම ජාතිවාදයක් ඇතිවීමක්”
- ආයුබොවන්ඩ ගම්මන්,
- “මේ වන විට ආණ්ඩුව බිම්මට්ටමේ ජනතාවගේ පිළිකුලට ලක්වෙලා “
- “ඡන්දය ඉවර වෙද්දීම ශ්රීලනිපය විනාශ කිරීමේ කුමන්ත්රණයත් ඇරඹුණා”
- 2024 ජනාධිපතිවරණයට යළිත් ට්‍රම්ප් ?
- වේවැල් පහර කා මිය ගිය දැරියගේ මව හා වේවැල් පහර දුන් කත රිමාන්ඩ්