රාජනී උපත ලැබුවේ අද වැනි දිනකය(23/02/1954)

රාජනී ජිවත් වුයේ නම් අද ඇගේ 67 උපන් දිනයයි.එනමුදු 1989 සැප්තැම්බර් 21 දින යාපනයේ කොකුවිල් හිදී රාජනී වෛද්‍ය පීඨයේ සිට නිවස බලා එද්දී මහමග දී අතිශය කෘර ලෙස වෙඩි තබා ඝාතනය කරනු ලැබිය. ඇය ඝාතනය කරන විට 35 වැනි වියේ පසු වුවාය. රාජනී කොටි සංවිධානයේ ප්‍රචණ්ඩ ක්‍රියා මෙන්ම ඔවුන් ජීවත්වීමේ අයිතිය ඇතුළු මුලික මානව අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීම නිර්දය ලෙස විවේචනය කළාය. රාජනිට කොටි සංවිධානයේ කුරිරු බව පිළිබද මනා අවබෝධයක් තිබුනද යුක්තිය සහ සාධාරණත්වය හමුවේ රාජනී පසු බැසීමට සුදානම් නොවිය.රාජනී ගේ නිර්භීත සහ ධෛර්යවන්ත කෙටි ජිවිතයට ප්‍රණාමය පුද කරන්නේ ඇය අපට අහිමිවීමෙන් පවුලක් වශයෙන් අප ගමන් කල වේදනාකර ජිවිත විස්තර කිරීමට තවමත් වචන සොයා ගැනීමේ දුෂ්කර බව සවින්ඥානය කරමිනි.
-දයාපාල තිරාණගම

Leave A Reply

Your email address will not be published.