මාතර බන්ධනාගාරයේ 30 කට කොරෝනා
මාතර බන්ධනාගාරයේ රැදවියන් 30 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඉකුත් 16 වැනිදා ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ රැදවියන් 53 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ වලින් ඊයේ (22) එහි වාර්තා ලැබීමෙන් පසු මෙලෙස රැදවියන් 30 දෙනෙකු ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.
.
මෙම ආසාදිතයන් සංඛ්‍යාවන් ඉදිරියේදී ඉහල යා හැකි බව සෞඛ්‍ය නිලධාරියෙකු පැවසීය.
මේ හේතුවෙන් රැදවියන් අධිකරණ වලට ඉදිරිපත් කිරීමද ඊයේ (22) සිට තාවකාලිකව නතර කර තිබිණි.
අද (23) දිනයේ දී බන්ධනාගාරයේ සියලුම නිලධාරීන් හා අනෙකුත් රැදවියන් සියලු දෙනා පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කිරීමට නියමිත ඇති අතර ආසාදිත රැදවියන් 30 දෙනා කන්දකාඩු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කළ බවද වාර්තා වෙයි.